නළ එළීමේ චීන ගනුදෙනුවට විරුද්ධවූ පර්යන්ත සභාපති ඉල්ලා අස්වෙයි..! ඕක බොරුවක් : ඇමැති ගම්මන්පිල

446

කොළඹ වරායේ සිට කෙළොන්නාව දක්වා දිවෙන තෙල් ගෙනයන නළ පද්ධතිය එළීමට අදාළ කොන්ත‍්‍රාත්තුව චීන සමාගමකට ලබාදීමේ සිද්ධියකට අදාළව අනුමැතිය ලබාදීමට විරෝධය පළ කිරීමේ සිද්ධියක් මත ඛනිජ තෙල් සංස්ථා තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ (සීපීඑස්ටීඑල්) සභාපතිවරයාට අස්වී යාමට සිදුවී ඇතැයි එහි අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කළේය.

මෙම නළ පද්ධතිය එළීම සඳහා 2019 වසරේ දී ආයතනයට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවී තිබුණත් එම ක‍්‍රියාවලින් තොරව චයිනා ඉංජිනියරින් කෝපරේෂන් නමැති සමාගමකට එම කොන්ත‍්‍රාත්තුව ලබාදීමට සභාපතිවරයා අත්සන් නොකිරීම නිසා ඔහුට එම තනතුරින් ඉවත්වීම දක්වා ප‍්‍රශ්න දිග්ගැස්සුණු බවද සඳහන් විය.

මීට පෙරාතුව තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ සේවකයින් විසින් මෙම තෙල් නළ පද්ධතියේ කොටසක් සාර්ථකව එළුෑ බවත් එලෙස කටුතු කර තිබියදී ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව වෙනත් සමාගමකට ලබාදීමට අනුමැතිය ලබා නොදීම නිසා සීපීඵඑස්ටීඑල් සභාපතිවරයාට එම තනතුරින් ඉල්ලා අස්වීමට හේතු වී ඇතැයි ද දැන ගන්නට ලැබේ. හදිසියේම සභාපති තනතුරින් ඉල්ලා අස්වීමට හේතුව හරියටම දැන ගැනීම සඳහා මොහොමඞ් උවයිස් මහතා සම්බන්ධ කර ගැනීමට උත්සාහ ගත්තද ඔහු දුරකථනයට පිළිතුරු දුන්නේ නැත.

මේ සම්බන්ධයෙන් බලශක්ති ඇමැති උදය ගම්මන්පිල මහතාගෙන් විමසූ විට ඒ මහතා කීවේ එය පට්ටපල් බොරුවක් බවයි. මෙවැනි විශාල ආයතනයක් කළමනාකරණය කර ගැනීමට ඒ මහතා අපොහොසත් වීම නිසා ඔහුට තනතුර අහිමි වී ඇතැයි ද ඇමැතිවරයා කීය. නිතරම වෘත්තීය සමිති හා සේවකයින් සම`ග ගැටුම් ඇති කරගත් ඒ මහතා පරිණත නොවීම ආදී කරුණුද බලපා ඇතැයි ගම්මන්පිල මහතා කීය.

යුගදනවි ගිවිසුමට එරෙහිව සටන් කරන තමා යටතේ ඇති ආයතන කටයුතු නීත්‍යනුකූල නොවන පරිදි ලබාදීමට ක‍්‍රියා නොකරන බවද ඇමැතිවරයා තවදුරටත් සඳහන් කළේය.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment