න්‍යෂ්ටික බලාගාරයට එල්ල වූ ප‍්‍රහාරය නිසා ආසියානු කොටස් මිල අඩු වේ

187

යුරෝපයේ තිබෙන විශාලතම න්‍යෂ්ටික බලාගාරය වන ‘සැපොරිස්සියා’ බලාගාරයට රුසියාව පහර දුන් බව සැලවීමත් සමගම ආසියානු කොටස් වෙළෙඳපළවල් කොටස් මිල ගණන් ඊයේ (04දා) උදෑසන පහත බැස ඇති අතර බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

ජපානයේ නිකේ කොටස් මිල දර්ශකය සියයට 2.2කින් පහත වැටී ඇති අතර හොංකොං රාජ්‍යයේ ‘හැන්ග් සෙන්ග්’ මිල දර්ශකය සියයට 2.6කින්ද පහත වැටී තිබේ. එම අතර බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඊයේ දිනයේ ඇමරිකානු ඩොලර් 112 ක් දක්වා ඉහළ ගොස් තිබිණි.

advertistmentadvertistment
advertistmentadvertistment