න්‍යෂ්ටික ලියවිලි ගෙන යෑම ගැන ට්‍රම්ප්ට වසර 33ක සිරදඬුවමක්?

467

නීති විශාරදයෝ පවසති
 

 හිටපු ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකානු ෆෙඩරල් නීතිරීති තුනක් උල්ලංඝනය කර ඇතැයි නීති විශාරදයන් හෙළි කර ඇත.

 ඇමරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව ද මේ බව සනාථ කර තිබේ. මෙම පනත් උල්ලංඝනය කිරීම නිසා හිටපු ජනපතිට වසර 33ක් සිරදඬුවමක් නියම වේ. හිටපු ජනපති එරට ඔත්තු බැලීමේ පනත උල්ලංඝනය කර ඇතැයි එම නීති විශාරදයෝ තවදුරටත් හෙළි කර ඇත.

 මේ අතර ට්‍රම්ප්ගේ නිවස පරීක්ෂාවට ලක් කළ එෆ්. බී. අයි. නිලධාරීන්ට තර්ජන එල්ල වී ඇත.

 මේ පිළිබඳව ට්‍රම්ප් මේ දක්වාම තම සේප්පුවේ තිබී හමුවූ න්‍යෂ්ටික රහස් ලියවිලි පිළිබඳව කිසිදු ප්‍රකාශයක් කර නැත.

advertistmentadvertistment
advertistmentadvertistment