නාටක නොපෙන්වා බොරැල්ල පල්ලියේ බෝම්බයේ ඇත්ත හෙළිකරන්න – රුවන් විජයවර්ධන

146

අර්බුද වලින් පීඩාවට පත්ව සිටින ජනතාවට තවදුරටත් නාටක නොපෙන්වා බොරැුල්ල පල්ලියේ බෝම්බ සිද්ධියේ විමර්ශනවල සත්‍ය රටට හෙළි කිරීමට ජනාධිපතිවරයා මැදිහත් වියයුතු යැයි එක්සත් ජාතික පක්‍ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවැසීය.

නීතිය හා සාමය ඇමැතිවරයාගේ සෙල්ලම් නිසා රටේ ආරක්‍ෂක අංශ හෑල්ලූවට ලක්වන බව පැවැසූ රුවන් විජයවර්ධන මහතා තමන්ගේ පටු දේශපාලන අරමුණු වෙනුවෙන් ආගමික සහජීවනය නැති කිරීමට උත්සාහ කරන මහ මොළකරුවන් කවුරුන්දැයි කඩිනමින් රටට හෙළිකරන ලෙස පෙරේදා (16දා) බියගම පැවැති පාක්‍ෂික දැනුවත් කිරීමකට එක්වෙමින් ඉල්ලීමක් කළේය. ඒ මහතා එහිදී මෙසේද කීය.

මේ අර්බුද සියල්ලක්ම ඇතිවෙලා තියෙන්නේ ආණ්ඩුවේ පරිපාලනයේ තියෙන දුර්වලතා නිසයි. ඔවුන් ජනතාව ගැන හිතල තීන්දු තීරණ ගන්න කණ්ඩායමක් නොවෙයි. තමන්ගේ කොමිස් කුට්ටිය ගැන හිතලා තීන්දු තීරණ ගන්න කණ්ඩායමක්. මේ අයට සංවර්ධන සැලැස්මක් නැහැ. මේ අය කරන්නෙ හරියට බංකොළොත් වෙච්ච පුද්ගලයෙක් තමන්ගේ දේපළ විකුණමින් එදාවේල ජීවත් වෙන්න උත්සාහ කරන ආකාරයේ වැඩසටහනක්.

චමින්ද සිල්වා
 

advertistmentadvertistment
advertistmentadvertistment