‘නාටක මාරයි’ හි දිල්කි සිනමාවට එක්වෙයි

175

නාටක මාරයි නමැති ප්‍රහසනාත්මක ඒකාංගික ටෙලි නාට්‍ය මාලාවේ වසර හයක පමණ කාලයක් අඛණ්ඩව රංගනයෙන් නිරත වූ දිල්කි ලියනගේ මේ වන විට ඉන් ඉවත්ව චරිතාංග නිළියක් ලෙස සිනමාවට එක්වීමට සැරසේ. ඒ අනුව ගාමිණී හේවාවිතාරණ අධ්‍යක්‍ෂණය කළ රුවන් තාරකා සහ යකඩ දියණියෝ යන චිත්‍රපට දෙකෙහි රංගනයෙන් දායක වී සිටී.

රුවන් තාරකාහි දෙමළ තරුණියකගේ චරිතයට පණ පොවන ඇය යකඩ දියණියෝ හි කුසුමා නමැති වැන්දඹු කාන්තාවගේ චරිතයකට පණ පොවන්නීය.

මම චන්‍ද්‍රරත්න මාපිටිගම මහතාගේ වැහිලිහිණි ටෙලි නාට්‍යයෙන් රංගනයට එක් වී සබඳ පබානිස් ටෙලි නාට්‍ය මාලාවේත් ඒකාංගික ටෙලි නාට්‍ය රැසකත් රංගනයෙන් දායක වූවා. නමුත් මාව ප්‍රේක්‍ෂකයන් අතරට වැඩිපුරම ගියේ ‘නාටක මාරයි’ නමැති විනෝදාත්මක ටෙලි නාට්‍ය මාලාවේ රංගනයෙන්. එනිසා තවමත් මාව බොහෝ දෙනා හඳුන්වන්නේ නාටක මාරයි හි නිළිය ලෙසටයි. දිල්කි සිය රංගන ජීවිතයේ අතීත සැමරුම් සිහිපත් කරමින් සිය කතාබහ අවදි කළාය.

නාටක මාරයි හාස්‍ය උපදවන කතා මාලාවක් වුවත් මට එහි විවිධ චරිත රඟපෑමට අවස්ථාව ලැබුණා. එනිසා මම තීරණය කළා මගේ රංගන හැකියාව සිනමාව තුළින් ඉදිරිපත් කරන්න. එහිදී මට ගාමිණී හේවාවිතාරණ මහතා අවශ්‍ය පසුබිම සකසා දුන්නා. රුවන් තාරකා සහ යකඩ දියණියෝ ඉදිරියේදී තිරගත වීමට නියමිතයි. එවිට මගේ රංගන හැකියාවන් ප්‍රේක්‍ෂකයන්ට තක්සේරු කිරීමට හැකි වේවි. ඒ අනුව ඉදිරියේදී සිනමා නිර්මාණ තුළින් රංගනය ඉදිරිපත් කිරීමට වැඩි අවධානයක් යොමු කරනවා.

මගේ සැමියාත් වැඩි කැමැත්තක් දක්වන්නේ මම සිනමාව තුළින් ඉදිරියට යනවා දකින්න.

සංවාදය – උපාලි

advertistmentadvertistment
advertistmentadvertistment