නාටක රඟපා වැඩක් නෑ – රටේ නායකයින් යුක්තිය ඉටු කළ යුතුයි

157

වතිකානයේ සිට පැමිණි කාදිනල්තුමා කටුනායකදී කියයි

මෙරට නීතිය ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට හසුරුවන්නට හැකි ආකාරයට සකස් වී තිබීම කනගාටුදායක බවත්, එය ඔවුන්ට ඉහළින් තිබිය යුතු බවත් මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ ඊයේ (04දා) උදෑසන කටුනායක ගුවන් තොටුපළේ දී පැවසූහ.

උන්වහන්සේ එසේ පැවසූවේ ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේගේ විශේෂ ආරාධනය පරිදි වතිකානුව වෙත ගොස් ආපසු මෙරටට පැමිණි අවස්ථාවේ කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේදී මාධ්‍යවේදීන් අමතමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අගරදගුරුතුමෝ මෙසේ ද කියා සිටියහ.

“ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේ වෙත අපගේ දුක්ගැනවිල්ල ඉදිරිපත් කළා. ඒ සඳහා ඉතාලියේ වාසය කරන ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් ද සහභාගී වුණා. එහිදී ප්‍රැන්සිස් පාප් වහන්සේ රටේ නායකයින්ගෙන් යුක්තිය ඉටු කරන ලෙස පැහැදිලි ඉල්ලීමක් කළා. ඒනිසා රටේ

වගකිවයුතු නායකයින් රට ගැන හිතලා වැඩ කරන්නට පුරුදු විය යුතුයි. ඒ වෙනුවට නාටක රඟපාලා වැඩක් නැහැ. හරියාකාරව ඒ වගකීම ඉටු කළ යුතුයි.

එමෙන්ම ජාතීන් අතර විරසක වීම, ආගම් අතර විරසක වීම් පසෙක ලා එක රටක් හැටියට ජීවත් වීමට හැකි පරිසරයක් ඇති විය යුතුයි.

කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමන් ඇතුළු පිරිස ඊයේ උදෑසන 09.12 ට කටාර් රාජ්‍යයේ දෝහා සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්. 664 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

මෙම පිරිස පසුගිය මස 22 වැනිදා වතිකානුව බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් තිබුණි.

කටුනායක ටී.කේ.ජී. කපිල
 

advertistmentadvertistment
advertistmentadvertistment