නාටාමිට අමානුෂික ලෙස පහරදී දර්ශන මුහුණුපොතට දැමූ  සැකකාර සිව්දෙනා මාට්ටු

597

මුදල් ගණුදෙණුවක් සම්බන්ධයෙන් පුද්ගලයකු අඩ නිරුවත් කර අමානුෂික ලෙස පහර දුන්නේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් මස්කෙළිය පොලිසිය විසින් අත්අඩංගුවට ගත් සිව්දෙනකු පෙරේදා (23 දා) හැටන් දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත් ෆරීඩ් ඩින් මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැකකරුවන් අද (25 දා) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මහෙස්ත්‍රාත්වරයා නියෝග කළහ.

මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ මස්කෙළියේ ප්‍රදේශයේ පදිංචි සිව්දෙනෙකි.

මෙම සැකකරුවන් සිව්දෙනා මස්කෙළිය නගරයේ නාටාමිවරයකු වශයෙන් කටයුතු කළ අයෙකුට මුදල් ගණුදෙණුවක් සම්බන්ධයෙන් ඉකුත් 20 දා අල්ලා එක් සැකකරුවකුගේ වෙළෙඳසැලට රැගෙන ගොස් අඩ නිරුවත් කර අමානුෂික ලෙස පහරදී එහි දර්ශන ජංගම දුරකථනයෙන් පටිගත කර මුහුණු පොතට එක් කිරීම සම්බන්ධයෙන් හැටන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී විජිත අල්විස් මහතාගේ උපදෙස් මත මස්කෙළිය පොලිසිය විසින් විමර්ශනයක් සිදුකර සැකකරුවන් සිව්දෙනෙකු ඉකුත් 23 දා අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබූහ.

සැකකරුවන් අදාළ පුද්ගලයාට පහරදී අඩ නිරුවතින්ම ත්‍රිරෝද රථයේ නංවාගෙන නගරයෙන් පිටතට ගොස් ඔහුට නිවසට යන ලෙස පවසමින් ත්‍රිරෝද රථයෙන් බස්සවා ගොස් ඇත. අදාළ ත්‍රිරෝද රථයද පොලිස් භාරයට ගෙන ඇත. පහරදුන් දර්ශන මුහුණු පොතට එක්කළ සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් ඇති බවත්, එම සැකකරුද අත්අඩංගුවට ගැනීමට නියමිත බව මස්කෙළිය පොලිසිය කියා සිටී.

නුවරඑළිය – නාලක රත්නායක

advertistmentadvertistment
advertistmentadvertistment