‘නාටු නාටු’ හොඳම ගීතය වෙමින් ඉන්දියාවට ඔස්කාර් සම්මානයක් දිනා දෙයි

110

තෙළිඟු බසින් තිරගත වූ ජනප්‍රිය චිත්‍රපටයක් වන RRR ‘නාටු නාටු‘ ගීතය ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම ගීතය ලෙසින් සම්මාන දිනා ඇත.

95 වැනි ඔස්කාර් සම්මාන උළෙල ලොස් ඇන්ජලීස් හි ඩොල්බි රඟහලේදී පෙරේදා (12දා) පැවැත්විණි. චිත්‍රපට ගීයක් සඳහා ඉන්දියාව අවසන් වරට ඔස්කාර් සමානයක් ලැබුවේ 2009 දීය. ඒ, ස්ලම්ඩෝග් මිලියනයර් චිත්‍රපටයේ ‘ජය හෝ’ ගීතය සඳහා හොඳම මුල් ගීතය සහ හොඳම මුල් සංගීත නිර්මාණයට හිමි සම්මානයන් ඒ. ආර්. රහමන්ට හිමිවූ අවස්ථාවේදීයි.

‘නාටු නාටු’ හොඳම ගීතය වෙමින් ඉන්දියාවට ඔස්කාර් සම්මානයක් දිනා දෙයි

මිනිත්තු හතරහමාරක් දිග ‘නාටු නාටු’ගීය පටිගත කෙරුණේ 2021 වසරේ යුක්රේන ජනපති වොලොදිමීර් සෙලෙන්ස්කිගේ නිල නිවෙස ඉදිරිපිටදීය. මෙම ගීතය ඔස්කාර් සම්මාන උළෙලේ වේදිකාවේ ද ඉදිරිපත් කෙරිණි.

මෙවර ඔස්කාර් සම්මාන උළෙලේදී හොඳම නළුවාට හිමි සම්මානය දිනා ගැනීමට සුපිරි හොලිවුඩ් නළු බ්‍රෙන්ඩන් ෆ්‍රේසර් සමත් විය. ඒ ‘ද වේල් ’ චිත්‍රපටය සඳහාය. එව්රිතින්ග් එව්රිවෙයාර් ඕල් ඇට් වන්ස් චිත්‍රපටයේ කළ රංගනය වෙනුවෙන් මිෂෙල් යෝ මෙවර ඔස්කාර් සම්මාන උළෙලේදී හොඳම නිළියට හිමි සම්මානය දිනා ගත්තාය. මෙවර ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම චිත්‍රපටය ලෙස එව්රිතින්ග් එව්රිවෙයාර් ඕල් ඇට් වන්ස් (Everything Everywhere All at Once) චිත්‍රපටය සම්මාන ලැබීය.

එසේම ඉන්දියාවෙන් ඉදිරිපත් කර තිබූ The Elephant Whisperers කෙටි චිත්‍රපටයද ඔස්කාර් සම්මානයෙන් පිදුම් ලැබීය.
චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment