‘නාඩගම්කාරයෝ’ට පසුව එන්නේ කෝලම් කූට්ටම

1027

ටෙලි නාට්‍ය බොහොමයක් රූගත කිරීම නතරවෙලා
– ටෙලිනාට්‍ය නිෂ්පාදක ශ්‍රී ලාල් වික්‍රමගේ

කෝලම් කුට්ටම සිවගුරුනාදන් අධ්‍යක්ෂණය කරන සද්ධාමංගල සූරියබණ්ඩාර තිර රචනා කරන ශ්‍රීලාල් වික්‍රමගේ නිෂ්පාදනය කරන නවතම ටෙලි නාට්‍ය නිර්මාණයයි. ශ්‍රීලාල් වික්‍රමගේ ගේ තෙවන ටෙලි නාට්‍ය නිෂ්පාදනය වන මෙය රූකඩ කලාවේ නිරත ගුරුන්නාන්සේ කෙනෙක් සහ වෙස් මුහුණු කපන කලා ශිල්පියකු මූලික කරගනිමින් නිර්මාණය වන්නක්. මේ වන විට ස්වර්ණවාහිනියේ විකාශය වන නාඩගම්කාරයෝ නාට්‍යයෙන් පසු අගෝස්තු 03 වැනිදා සිට රාත්‍රී 9.30 ට කෝලම් කුට්ටම් විකාශය කිරීමට සැලසුම් කර තිබෙන බවයි ශ්‍රී ලාල් පවසන්නෙ.

“අම්බලන්ගොඩ ප්‍රදේශයේ පැවැති පාරම්පරික වෙස්මුහුණු සහ රූකඩ කලාව පිළිබඳ කතා කරන මේ ටෙලි නාට්‍යය අභාවයට යමින් තිබෙන එම කලාව පිළිබඳ ප්‍රේක්ෂකයාට යම් විචිත්‍ර හැඟීමක් ඇතිකිරීමට සමත් වේවි” යැයි ඔහු පවසනවා.

‘නාඩගම්කාරයෝ’ට පසුව එන්නේ කෝලම් කූට්ටම
– ටෙලිනාට්‍ය නිෂ්පාදක ශ්‍රී ලාල් වික්‍රමගේ

නමුත් මෙවැනි සංකීර්ණ ආර්ථික ගැටලු පවතින මොහොතක අලුතින් ටෙලිනාට්‍යයක් නිර්මාණය කිරීම ගැන ඔහු කියන්නෙ මෙවැනි කතාවක්.

“මේ වෙලාව අතිශය භයානක අවස්ථාවක්. විශේෂයෙන් ඉන්ධන මිල සීඝ්‍රයෙන් වැඩි වීමත් ඒ වැඩි මිලට හෝ ඉන්ධන ලබා ගැනීමට නොහැකි වීමත් එක්ක ටෙලිනාට්‍ය කර්මාන්තයම විශාල ගැටලුවකට මුහුණ දීල ඉන්නෙ. රංගන ශිල්පීන් දර්ශන තලවලට රැගෙන ඒම පවා ලොකු අභියෝගයක් වෙලා. මේ නිසා ටෙලිනාට්‍ය නිර්මාණය වීම සියයට අසූවක් කඩාගෙන වැටිලා. මම දන්න විදියට චැනල්වලින් විකාශය කිරීමට එකඟව ගිවිසුම් ගතව නිෂ්පාදනය කරන ටෙලිනාට්‍ය පවා රූගත කිරීමට නොහැකිව නතර වෙලා තියෙන්නෙ. සමහර ටෙලි නාට්‍ය තියෙනවා කොටස් පහළොව විස්ස කරල චැනල්වලට බාර දීපු නාට්‍යය. ඒ නාට්‍යය පවා ඉතුරු ටික කරගන්න ෂුටිං ඔන් කරගන්න බැරිව ඉන්නෙ ඉන්ධන ප්‍රශ්නය නිසා. කලාකරුවන් නිර්මාණ ශිල්පීන් බොහෝ දෙනෙකුට මේ නිසා වැඩ නෑ. කෑම එකේ ඉඳන් දැන් ගණන් වැඩි නිසා නිෂ්පාදකයන් බරපතළ අර්බුදයකට මුහුණ දීල ඉන්නෙ. ඉස්සර අපි තුන් වේලටම හොඳ කෑම වේලක් දුන්නෙ රුපියල් හයසීයත් හයසිය පනහත් අතර ගාණකට. ඒත් දැන් ඒක නවසිය පනහකටත් වඩා වැඩි වෙලා. ඉන්ධන සඳහා දවසකට රුපියල් දෙදහක් වෑන් එකකට ලබා දුන්න එක රුපියල් පන්දහසක් දක්වා වැඩි වෙලා. ඒක ටෙලිනාට්‍ය නිර්මාණය ඉදිරියට පවත්වාගෙන යෑමට බාධාවක් වෙලා.” යැයි ශ්‍රී ලාල් පවසනවා.

‘නාඩගම්කාරයෝ’ට පසුව එන්නේ කෝලම් කූට්ටම

“නමුත් මේ වියදම්වලට සාපේක්ෂව රූපවාහිනි චැනල් වලින් ටෙලිනාට්‍ය මිලදී ගැනීමේදි මිල වැඩිකිරීමක් වෙන්නෙ නෑ. සමහර චැනල් තාම ටෙලිනාට්‍යය ගන්නෙ එක්ලක්ෂ අසූදහසට, එක් ලක්ෂ පනස් දහස වගේ ගාණකට. මේක තවදුරටත් ඉස්සරට ගියොත් මොනව වෙයිද දන්නෙ නැ. මම දන්නවා සමහර ටෙලිනාට්‍යය නිෂ්පාදකයින් මේ නිසා බෙල්ට් එකක් ලැබුණත් ටෙලිනාට්‍ය නිෂ්පාදනය කරන්නෙ නැති තැනට ඇවිත්.” බව ශ්‍රී ලාල් පවසනවා.

‘නාඩගම්කාරයෝ’ට පසුව එන්නේ කෝලම් කූට්ටම

නලීන් ප්‍රදීප් උඩුවෙල, මාලි ජයවීර, චමීර ලියනගේ, කවින්ද්‍යා දුල්ෂානි, මාවිලි ෆර්ඩිනාන්ඩු, සරත් කුලාංග, නිරෝෂා තලගල, අනුරාධා එදිරිසිංහ ප්‍රධාන චරිත නිරූපණයෙන් එක්වන කෝලම් කුට්ටම කැමරාවට නගන්නේ ප්‍රභාත් දර්ශන විසිනි. මනෝජ් වික්‍රමසිංහ කලා අධ්‍යක්ෂණයෙන්ද වාසනා බණ්ඩාර වේෂ නිරූපණයෙන්ද ධනංජය මංචනායක, සහය අධ්‍යක්ෂණයෙන්ද එක්වන කෝලම් කුට්ටම නිෂ්පාදන කළමනාකරණය කරනු ලබන්නේ ධම්මික ගුණසේකර විසිනි.

‘නාඩගම්කාරයෝ’ට පසුව එන්නේ කෝලම් කූට්ටම

තිස්ස

advertistmentadvertistment
advertistmentadvertistment