නාඩගම්කාරයෝ අවසන් වෙන්න වැඩි ඈතක් නෑ… පාරදි ගේත් බොරුවට දිග්ගස්සන්නේ නෑ –  චාමර සමරවික‍්‍රම

689

ඔහු මෙරට ජනප‍්‍රිය නාට්‍ය රැුසක නිෂ්පාදකවරයා. මේ දිනවල හැමෝම කතාබහ වෙන නාඩගම්කාරයෝ සහ පාරදිගේ ටෙලිනාට්‍යයේද නිෂ්පාදකවරයා ඔහුයි. ඇත්තටම නාඩගම්කාරයෝ සහ පාරදිගේ ටෙලිනාට්‍යවලට ඉදිරියේදී මොකද වෙන්නේ. දැන් මේ නාට්‍ය දෙක ඇදුනා වැඩි නැද්ද?. දැන්ම අවසන් කරන්නේ නැතිද?. මේ දේවල් ගැන දැනගන්න අපි නාඩගම්කාරයෝ සහ පාරදිගේ ටෙලිනාට්‍යවල නිෂ්පාදක චාමර සමරවික‍්‍රමට මේ ඉඩකඩ වෙන් කළා.

* නාඩගම්කාරයෝ, පාරදිගේ ටෙලිනාට්‍ය දෙකේ නිෂ්පාදකවරයා ඔබ. මේ වෙනකොට ඔබට ලැබෙන්නේ මොනව ගේ ප‍්‍රතිචාරද?

 මම හිතන්නේ මම කරපු නාට්‍යවලින් වැඩිම ප‍්‍රතිචාර ලැබෙන්නේ නාඩගම්කාරයෝ ටෙලිනාට්‍යයට. ඊට පස්සේ පාරදිගේ. වර්තමානය වනවිට ඒ නාට්‍ය දෙකට හැම ක්‍ෂේත‍්‍රයකම හැම තරාතිරකම අයගෙන් සෑහෙන හොඳ ප‍්‍රතිචාර ලැබෙනවා.

නාඩගම්කාරයෝ අවසන් වෙන්න වැඩි ඈතක් නෑ... පාරදි ගේත් බොරුවට දිග්ගස්සන්නේ නෑ -  චාමර සමරවික‍්‍රම

* නාඩගම්කාරයෝ ටෙලිනාට්‍ය අවසන් කරන්න කාලය හරි කියලා හිතෙන්නේ නැතිද?

ඒ යම් කොටසක තීරණයක් වෙන්න ඇති. එක එක්කෙනා බලන විදිහ අනුව එකිනෙකට වෙනස් තීරණ තිබෙනවා. කෙනෙකුගේ මතය ඒක වුණාට තව කෙනෙක් කියන්න පුළුවන් මේක ඉදිරියට යන්න ඕනෑ කියලා. දැනට මේ නාට්‍ය නරඹන පිරිසේ කිසිම අඩුවක් වෙලා නැහැ. එන්න එන්නම වැඩිවෙන ප‍්‍රමාණයක් තමයි තියෙන්නේ. ටීවී රේටින් වුණත් එහෙම අඩුවීමේ ප‍්‍රවණතාවක් නැහැ. චැනල් එකක් නාට්‍යයක රේටින් අඩුවෙනවා නම් නාට්‍යයක් දිගට ඇදගෙන යන්නේ නැහැ. කොහොම වුණත් අපි වැඩි කාලයක් යන්නේ නැහැ. මේක ආරම්භ කරනකොටම මෙතැනින් නතර කරන්න කියලා තීරණය කරලයි තියෙන්නේ. කොහොම වුණත් තව වැඩිකාලයක් නොගිහින් මේ නාට්‍ය අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා.

* ඇත්තටම නාඩගම්කාරයෝ අවසන් වෙන්නේ කවදාද?

හරියටම දිනයක් කියන්න බැහැ, මේ දිනවලත් රූගත කිරීම් කරන නිසාවෙන්. ඉදිරි කාලය ඇතුළත කොහොම නමුත් වැඩි කාලයක් නැහැ, මෑතකදීම අවසන් වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා.

* පාරදිගේ නාට්‍යයට මොකද වෙන්නේ ?

පාරදිගේ නාට්‍යයත් එහෙමම තමයි. දැනට මම හිතන්නේ කොටස් දෙසීයකට ආසන්න ප‍්‍රමාණයක් රූගත කිරීම් කරලා වගේම කරමින් පවතිනවා. ඊට තව ටිකක් එහාට යාවි. පොඩි ප‍්‍රමාණයක් ඉදිරියට යාවි. ඒ නාට්‍යයත් ලොකුවට අදින්න බලාපොරොත්තුවක් නැහැ. අවශ්‍ය තැනට කතාව ආවට පස්සේ නාට්‍ය නතර කරනවා. බොරුවට දිග්ගස්සන්නේ නැහැ. පිටපත් රචකයා තීරණය කරාවි කොච්චර දුරකට යන්න පුළුවන්ද කියලා. ඔහු තීරණය කළොත් දැන් නතර කළොත් හරි කියලා අපි ඒ මොහොතේම නතර කරනවා. නැතිව අපි ඕනෑවට වැඩිය නාට්‍ය අදින්න බලාපොරොත්තුවක් නැහැ.

* නාට්‍යයක් නිෂ්පාදනයේදී ඇතිවන ගැටලූ මොනවාද?

මේ දිනවල තියෙන ලොකුම ප‍්‍රශ්නය තමයි කොරෝනා වසංගතයත් එක්ක අපි කොහොමද රූගත කිරීම් සිදුකරන්නේ කියන කාරණාව. දැන් රට සාමාන්‍ය තත්ත්වයට හැදිලා තියෙන නිසා මේ වෙනකොට ඒක බොහෝ දුරට මැඬපවත්වා ගෙන යනවා. ඊට අමතරව ආහාර සපයාගැනීමේදී ගැටලූකාරී තැන් තියෙනවා. ඔය වගේ නිෂ්පාදනයේ දී විවිධ ගැටලූ එනවා. අනෙක් ඒවානම් ටෙලිනාට්‍යයක් කරගෙන යනකොට ඇතිවන පොදු ප‍්‍රශ්න තමයි. කොහොම හරි ඒවාට මුහුණ

දීගෙන වැඩ කරනගෙන යනවා. ඒත් ඉතිං මම වාසනාවන්තයි මේ නාට්‍ය දෙකේ වගේම මම වැඩ කරපු ගොඩක් නාට්‍යවල කලාකරුවන් ඔවුන් සියයට සියයක් ඔවුන්ගේ දායකත්වය සපයනවා නිෂ්පාදනයට. නාට්‍යයක් නිෂ්පාදනය කිරීමේදී ඉතාමත් ආදරයෙන් තමන්ගේ දායකත්වය ලබාදීම ලොකු සහයෝගයක්.

* ටෙලිනාට්‍යයක් නිෂ්පාදනය කරලා නාලිකාවකට දාගන්නවා කියන්නේ හරි අමාරු කාර්යක්. ඒ තත්ත්වයට ඔබ මුහුණදීලා නැතිද?

මම හිතන්නේ හොඳ නිර්මාණයක් කළොත් නාලිකාවකට දාගන්නවා කියන ගැටලූව මතුවෙන්නේ නැහැ. අපි හැමවෙලේම බලන්න ඕනෑ නාලිකා ඉල්ලන නිර්මාණ මොනවාද කියලා. එක එක නාලිකා එක එක නිර්මාණ වර්ගීකරණය කරගෙන තියෙනවා. මම හිතන්නේ නාලිකාවකට ගැළපෙන විදිහට නිෂ්පාදනයක් කළොත් ඒ නාලිකාව එම නිර්මාණය භාරගන්නවා කියලයි.

* නිෂ්පාදකවරුන් අධ්‍යක්ෂවරයාට මේ නළුවා නිළිය ගන්න කියලා බලපෑම් කරනවා කියලා හැමෝම කියනවා. ඒ වැඬේ ඔබ කරලා නැතිද?

කවදාවත් මම එහෙම බලපෑමක් ඇතිකරලා නැහැ. නිර්මාණයක පිටපත් රචනයක් සිදුකළාට පස්සේදී මුලින්ම අපි පිටපත් රචකයා ඒ වගේම අධ්‍යක්ෂවරයා එක්ක සාකච්ඡුා කරනවා. ඊට පස්සේ නිර්මාණය සුදුසු නළු නිළි පිරිස තෝරාගන්නවා. ඊට අමතරව නාලිකාවක් සමග වැඩකරන කොට ඒ නාලිකාවේ නිලධාරීන් සමගත් කතා කරලා එක`ගතාවය මත තමයි නළු නිළියන් තෝරාගන්නේ. නැතිව නිෂ්පාදක ගේ තනි මතයට නිෂ්පාදකට ඕනෑ කෙනාවවත් නැතිනම් අධ්‍යක්ෂවරයාට ඕනැ කෙනාවත් නෙමෙයි. පිටපතේ තිබෙන චරිතයට ගැළපෙන හොඳම කෙනා තමයි අපි තෝරා බේරා ගන්නේ.

නාඩගම්කාරයෝ අවසන් වෙන්න වැඩි ඈතක් නෑ... පාරදි ගේත් බොරුවට දිග්ගස්සන්නේ නෑ -  චාමර සමරවික‍්‍රම

* මේ වෙනකොට ඔබ නිෂ්පාදනය කළ ටෙලිනාට්‍ය ගැන කතා කළොත්?

මේ වෙනකොට ජනප‍්‍රියම ටෙලිනාට්‍ය බැලූවොතින් නාඩගම්කාරයෝ,

පාරදි ගේට අමතරව හාරකෝටිය, කෝටිපතියෝ, අමුතු රසිකයා, දූවිලි අහස, සිල්ලර සමනල්ලූ, රාජයෝගය, බොහීමියානුවා, කළු අරලිය, අඟුරු සිත්තම්, මුතු පලස, හංස පිහාටු වැනි නාට්‍ය ගණනාවක් නිෂ්පාදනය කරලා තියෙනවා.

* චාමර නිෂ්පාදනය කරන්නේ ශිවගුරුනාදන් අධ්‍යක්ෂණය කරන නාට්‍ය විතරද?

එහෙම දෙයක් නෙමෙයි. ශිවා අයියා, සද්ධා අයියා එක්ක දැන් අවුරුදු දහයකට වැඩි කාලයක් ටෙලිනාට්‍ය නිෂ්පාදනය කරලා තියෙනවා. මූලිකත්වය දෙන්නේ ශිවා අයියා සහ සද්ධා අයියා එක්ක යන වැඩවලදී. මට වෙනත් වැඩක් කරන්න අවස්ථාව ලැබුණොත් කරනවා. මම නාමල් අයියත් එක්කත් වැඩ කිහිපයක් කරලා තියෙනවා. ඒ වගේම විවිධ අධ්‍යක්ෂවරු එක්කත් විවිධ පිටපත් රචකයන් එක්කත් වැඩකරලා තියෙනවා. මේ කාලය ඇතුළත මම වැඩකරන්නේ සද්ධා අයියා සහ ශිවා අයියාගේ සහ අපි තුන්දෙනාගේ සුසංයෝගයන් යන වැඩ විතරයි.

* සද්ධයි ශිවයි සමග වැඩකරගෙන යනකොට ගැටලූ මතුවුණ අවස්ථා නැතිද?

සමහර තැන්වලදී ගැටලූ මතුවෙනවා. කාස්ට් කරන වෙලාවට ගැටලූ මතුවෙන අවස්ථා තියෙනවා. මම කැමැති කෙනාට ශිවා අයියා අකැමැති වෙන වෙලාවල් සද්ධ අයියා අකැමැතිවෙන වෙලා ඇතිනොවෙනවා නෙමෙයි ඇතිවෙනවා. නමුත් අපි ඒවා සාකච්ඡුා කරලා විසඳගන්නවා. අපිට ඕනෑ අපේ හිතවත් කෙනෙක් ගන්නවාට වඩා ඒ නිර්මාණයට අවශ්‍ය සුදුසුම කෙනා ගන්න. එතකොට මතගැටුම් ඇතිවෙලා අන්තිමේ ගන්න කෙනා ඉතාම සුදුසු කෙනෙක් තමයි එන්නේ. ඒත් අපි අත්දැකීමෙන් දන්නවා අපි තුන්දෙනා නිර්මාණයට ආදරෙයි. ඒ නිර්මාණය රැකගන්න අපි තුන්දෙනා අතර සමහර වෙලාවට කතිකාවන් ඇතිවෙන වෙලාවල් තියෙනවා.

දිනේෂ් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment