නාඩගම්කාරයෝ පවුලට එකතු වුණ ගිරාගේ දුව

326

නාඩගම්කාරයෝ ගැන ඔන්න ආයෙමත් කතාබහක් ඇතිවෙලා. ඒ වෙන හේතුවක් නිසා නෙමෙයි කුකුළා මුදලාලි වුණ ගිරිරාජ් කෞෂල්‍යගේ දියණිය වන අමන්ද්‍යා උත්පලා ‘කල්පනා’ විදිහට මේ ටෙලිනාට්‍යයට සම්බන්ධවෙලා තියෙන හින්දා. ඇත්තට ම දැන් කල්පනාට මොනවගේ ප‍්‍රතිචාරද ලැබෙන්නේ. කල්පනා ගැන ගිරිරාජ් මොනවද කියන්නේ. ඒ ගැන දැනගන්න අපි අමන්ද්‍යා උත්පලාට කතා කළා.


 * අමන්ද්‍යාට කොහොමද කල්පනාව හමුවුණේ?

 මම ටික කාලයක ඉඳලා ශිවා අංකල්ට කියලා තිබුණේ රඟපාන්න ආසාවක් තියෙනවා කියලා. ඉතිං ඒ විදිහට ලැබුණ ආරාධනාවකින් තමයි කල්පනාව මට හම්බවෙන්නේ. අනික මම හිතනවා මට මේක ලැබුණේ තාත්තා හින්දා කියලා. තාත්තා කියන්නේ ශිවා අංකල්ගේ ඈත අතීතයේ ඉඳලා මිත‍්‍රයෙක්.

 * කල්පනාට ලැබෙන ප‍්‍රතිචාර?

 ඉතාම හොඳයි. කුඩා කොටස් ප‍්‍රමාණයක් තමයි දැනට විකාශනය වෙලා තියෙන්නේ. නමුත් ඒ පොඩි කාලය තුළ ඉතා ම හොඳ ප‍්‍රතිචාර ලැබෙනවා.

නාඩගම්කාරයෝ පවුලට එකතු වුණ ගිරාගේ දුව



 * අමන්ද්‍යා නාඩගම්කාරයෝ සෙට් එක ඇතුළට ආවේ කුකුළා මුදලාලිගේ අඩුව පුරවන්නද?

 නැහැ. අපොයි නැහැ. හැමෝ ම ඔය ප‍්‍රශ්නය අහනවා මම දන්නේ නැහැ ඇයි එහෙම ප‍්‍රශ්නයක් අහන්නෙත් කියලා. කුකුළා මුදලාලිගේ අඩුව පුරවන්න කිසිම කෙනකුට බැහැ. මගේ තාත්තා හින්ද එහෙම කිව්වා නෙමෙයි. ඕනෑම නළුවෙක් හෝ නිළියක් තමන් නිරූපණය කරන චරිතය අති දක්‍ෂ ලෙස නිරූපණය කළාට පස්සේ එයාට ආදේශ කරන්න වෙන කෙනෙක් යොදනවා කියන එක ප‍්‍රායෝගික නැහැ.

 * තාත්තාගේ අසනීප තත්ත්වය එහෙම කොහොමද?

 තාත්තා දැන් සුවඅතට හැරෙමින් පවතිනවා. තවමත් වෛi ප‍්‍රතිකාර ලබනවා. ඒ අතරේ ඉක්මනින්ම ප‍්‍රතිකාර අවසන් කරලා ජනතාව අතරට එන්න බලාපොරොත්තුවක් තියෙනවා. හැබැයි ඒක කවදා වෙයිද කොහොම වෙයිද කියන්න අපට බැහැ. තවමත් වෛi ප‍්‍රතිකාර කරන ගමන් තමයි ඉන්නේ.

 * දුවගේ රංගනය ගැන තාත්තා මොනවද කිව්වේ?

 තාත්තාට හරිම සතුටුයි. නාඩගම්කාරයෝ චරිතයත් මට ලැබෙනවා කියන ආරංචිය එන්නෙත් මුලින් ම තාත්තට. නාඩගම්කාරයෝ කියන්නේ තාත්තට ඉතාම සමීප නිර්මාණයක්. ඒ නිර්මාණයට මට දායක වෙන්න ලැබුණා කියන්නේ තාත්තට ගොඩක් සතුටුයි. චරිතය ගැන තාත්තා මට ගොඩක් අවවාද දුන්නා.

 * තාත්තා දැන් නාඩගම්කාරයෝ බලනවද?

 ඔව්… ඔව්… මම රඟපාන නිසා නෙමෙයි. තාත්තා කොහොමත් නාට්‍ය නරඹන එක අතහැරියේ නැහැ. කොහොම හරි පුළුවන් පුළුවන් වෙන හැම අවස්ථාවකම නාට්‍ය නැරඹුවා. ඒත් එක්කම මොනවා හරි දුටුවොත් ශිවා අංකල් සහ සද්ධා අංකල් සමග කතාබහ කරනවා. දැන් ඉතිං රාති‍්‍ර 9.30 වෙනකම් තමයි බලාගෙන ඉන්නේ.

නාඩගම්කාරයෝ පවුලට එකතු වුණ ගිරාගේ දුව



 * ඉස්සරහට ආපහු තාත්තා රඟපානවා කියලත් ආරංචියි?

 නාඩගම්කාරයෝ නාට්‍යයේ තවම එහෙම අවස්ථාවක් ලැබෙයිද කියන්න මම දන්නේ නැහැ. ඒක සද්ධා අංකල් තමයි තීරණය කරන්නේ. හැබැයි ඒ වගේ අවස්ථාවක් ලැබෙනවා නම් මම හරිම ආසයි. තාත්තා එක්ක මට එකට රඟපාන්න අවස්ථාවක් ලැබිලා නැහැ. මම දන්නේ නැහැ ඉස්සරහට වෙනත් නිර්මාණයක හරි දායකවෙයි ද කියලා. ඒ වගේ ආරාධනාවක් ලැබුණොත් ඉස්සරහට කැමැත්තෙන් භාරගන්නවා.

 * රඟපාන්න ප‍්‍රමාද වුණේ ඇයි?

 පාසල් කාලයේ පාසල් වේදිකාවේ නාට්‍ය තරගවලට සහභාගි වෙලා තියෙනවා. සමස්ත ලංකා හොඳම නිළිය, හොඳම නළුවා ජයග‍්‍රහණ ලබලා තියෙනවා. හැබැයි එතැනින් එහාට පාසලෙන් ඉවත් වුණාට පස්සේ විශ්වවිiාල කටයුතු එක්ක ඒවගෙන් චුට්ටක් ඈත් වුණා. හැබැයි මම සංගීතය පැත්තෙන් ඉදිරියට ම ගියා.

 * ගායන වැඩකටයුතුවලට මොකද වුණේ?

 ගායනය පැත්තත් ඒ විදිහට ම කරගෙන යනවා රංගනය තමයි අලූතෙන් ජීවිතයට සම්බන්ධ වුණේ. මිනිස්සු මාව දන්නෙත් ගායිකාවක් විදිහට.

 * අලූත් ගීත එහෙම කළේ නෑ?

 අලූත් ගීත කිහිපයක් කරන්න අදහසින් ඉන්නවා දැනටමත් අඩිතාලමක් දමාගෙන යනවා. ඉදිරියේදී බලමු.

 * රඟපෑම ගැන සැමියා මොනවද කිව්වේ?

 ඉතාම හොඳ ප‍්‍රතිචාර ලැබෙනවා වගේ ම හොඳ සහයෝගයක් ලැබෙනවා. තාත්තා වගේ ම අනෙක් හැම දේට ම හොඳ ප‍්‍රතිචාර ලබාදෙනවා.

 * අමන්ද්‍යාගේ වෘත්තිය?

 මම විධායක නිලධාරිනියක් විදිහට පෞද්ගලික ආයතනයක සේවය කළා. පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ දී ඒ

 රැුකියාවෙන් සමුගත්තා.

 * කලායතනයක්

 ආරම්භ කළා නේද?

 ඔව්. කලායතනයේ නම ඇකඩමි ඔෆ් ආර්ට් බයි අමන්ද්‍යා

 * කවුරු වෙනුවෙන්ද මේ ආයතනය පටන් ගත්තේ?

 දරුවන් වෙනුවෙන් වගේම සංගීතය හැදෑරීමට කැමැති ඕනෑම කෙනකුට කී බෝඞ් එක, ගිටාර් එක උගන්වනවා. දැනට අපි මාර්ගගත ක‍්‍රමයට තමයි පන්ති පවත්වන්නේ. 9 වැනි වසර දක්වා මෙහි පාසල් විෂය නිර්දේශයට අදාළ සංගීතය තමයි උගන්වන්නේ.

 දිනේෂ් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment