නාඩගම්කාරයෝ හින්දා යූ ටියුබ් නාලිකා වැහි වැහැලා

583


නාඩගම්කාරයෝ පාරදිගේ කොළඹ ඉතාලිය හැදූ අධ්‍යක්‍ෂ ශිවගුරුනාදන් කතාකරයි

 පාර දිගේ නාඩගම්කාරයෝ තරම් හිට් නැහැ

 මම මුලින්ම ආවේ පත්තර රස්සාවට

 කොළඹ ඉතාලිය පිටපත ලියැවෙන්නේ සම්පත් ජයවීර ඔළුවේ තියාගෙන


 ඔහු නමින් ජයප‍්‍රකාශ් සිවගුරුනාදන්. මේ නමවත් රූපයවත් එතරම් ප‍්‍රසිද්ධ නැහැ. හැබැයි ඔහු ගේ අධ්‍යක්‍ෂණයෙන් මෙරට පේ‍්‍රක්‍ෂකයන්ට තිළිණ කෙරෙන ටෙලි නාට්‍ය තුනක් මේ දිනවල හරි ජනපි‍්‍රයයි. ඒ නාඩගම්කාරයෝ, පාර දිගේ සහ කොළඹ ඉතාලිය. වැඩි කතාබහක් නැතිව අපි ඔහුගේ කතාවට බහිමු.

 * නාඩගම්කාරයෝ, පාරදිගේ, කොළඹ ඉතාලිය කියන නාට්‍ය තුනේම අධ්‍යක්‍ෂවරයා ඔබ. කොහොමද මේ නාට්‍ය තුනට ලැබෙන පේ‍්‍රක්‍ෂක ප‍්‍රතිචාර?

 ඔව්. මම හිතන්නේ ඉහළම පේ‍්‍රක්‍ෂක ප‍්‍රතිචාර ලැබෙන්නේ නාඩගම්කාරයන්ට. ඊළඟට පාරදිගේ, ඊළඟට කොළඹ ඉතාලිය.

 * මෙයින් ඔබ වඩාත් කැමැති මොන නාට්‍යයටද?



 මෙහෙමයි මට ඔය ප‍්‍රශ්නයට දෙන්න තියෙන්නේ හැමදාම දෙන උත්තරේ තමයි. මම සාමාන්‍යයෙන් නාට්‍යයක් කරන්නේ ඒ නාට්‍යයට කැමැති හින්දා. ඒ තිර රචනයට මම කැමැතියි නැත්නම් ඒක නාට්‍යයක් බවට පත් කරන්න මම මහන්සි වෙන්නේ නැහැ. ඒ කියන්නේ තිරකතා තුනටම මම කැමති හින්දා තමයි නාට්‍ය තුනක් බවට පත් කළේ. නමුත් මොකක්දෝ තත්ත්වයක් හින්දා අතිශය ජනපි‍්‍රය වෙලා තියෙනවා

 නාඩගම්කාරයෝ නාට්‍යය. නමුත් මම මේ නාට්‍ය තුනටම ආදරෙයි.

 * කැකුලන්දරා සරාට ගහපු හින්දා රුවන් පෙරේරා කියන නළුවාට සැබෑවට මරණ තර්ජන පවා ඇවිත් නේද?

 ඔව්. මට තේරෙන්නේ නැහැ සාමාන්‍යයෙන් මම නාට්‍යකරණය පිළිබඳ ලොකුවට හදාරපු කෙනෙක් නෙමෙයි. නමුත් දැන් අපි දැක්ක ක‍්‍රමයට වුණත් බර්මෝල්ඩෙ‍්‍රප් කියලා තියෙන්නේ දුරස්ථකරණය නීතිය අනුව බලන්න කියලා. අපි නාට්‍යයක් බලන්න ඕනෑ ඒකේ තියෙන ගුණදොස් බලන්න මිසක් චරිතවලට ආසන්න වීමට නෙවෙයි. මම මෙයින් අදහස් කර්න්නේ නැහැ අපි පණිවුඩයක් දෙන්න හදනවා කියලා. දැන් මෙහෙම ආසන්න වෙලා ඒවා තමන්ගේ පෞද්ගලික දේවල් බවට පත්කර ගැනීම ගැන නම් ඇත්තටම මට තියෙන්නේ දුකක්. පේ‍්‍රක්‍ෂකයෝ එහෙම වෙන්න ඕනෑ නැහැ කියලයි මම හිතන්නේ. ඔහු ඔහුගේ වෘත්තීමය දායකත්වය අපිට ලබාදීලා තියෙනවා සරා එක්ක පෞද්ගලික තරහක්වත් සරාට ඇත්තට ගහලවත් එහෙම මොකුත් නැහැනේ. සරා චරිතය කැකුලන්දර ගහලා තියෙනවා. ඒක එච්චරයි. ඒක පෞද්ගලික කරගන්න වුවමනා නැහැ මේක හොඳ නැහැ කියලයි මගේ පෞද්ගලික මතය.

 * මේ ගැන සජිත හෝ රුවන් ඔබත් සමග කතාබහ කළාද?

 කැකුලන්දර චරිතය හින්ද එන පෞද්ගලික මරන තර්ජන ගැන මගෙත් එක්ක කැකුලන්දර කතා කළෙත් නැහැ සරා කතා කළෙත් නැහැ.

 * අතරමැදින් කැකුලන්දර චරිතය ගෙන ආපු එක සාර්ථකයි කියලා හිතනවාද?

 ඔව්. කැකුලන්දර පිටපතට පිටින් පැන්න චරිතයක් නෙමෙයි. සාමාන්‍යයෙන් මෙගා නාට්‍යයක් අපි මුල පටන් ගන්නවා අවසානයේ මෙන්න මෙහෙම දෙයක් වේවි කියලා එනකොට මැද වෙන්නේ කතා රචකයාගේ ඔළුවේ මැවෙන දේවල් තමයි ගොඩනැෙඟන්නේ. එතකොට කාටත් කියන්න බැහැ තිරකතාවේ තිබුණේ නැහැ කියලා. සමහර වෙලාවට තිරකතාවල හිතාගෙන හිටපු අවසානය වෙනස් වෙන අවස්ථාත් තියෙනවා. ඇත්තටම අග්නිපියාපත් නාට්‍යයේ ඕක නෙවෙයි සද්ධාගේ ඔළුවේ තිබුණ අවසානය. අවසානයේ අවසානය වෙනස් කළා. අපි කැකුලන්දර ගෙනත් තියෙන්නේ වෙන විදිහකට. කැකුලන්දර ගත්තොත් වෙනත් දේශපාලනඥයකුගේ අවශ්‍යතාවයක් ඉෂ්ට කරන්න ආපු අතකොළුවක්. ඔහු කරන්නේ කුකුළව ජෑම් කරන එකයි.

 * කුකුළා මුදලාලි ගිරිරාජ්ගෙන් ලැබෙන්නේ

 මොනවගේ සහයෝගයක්ද?

 ගිරාගෙයි මගෙයි අවුරුදු විසිපහක විතර ලොකු මිත‍්‍රත්වයක් තියෙනවා. ගිරාගේ චිත‍්‍රපට දෙකේම මම වැඩකරනවා. මගේ චිත‍්‍රපට තුනේම ගිරා රඟපානවා. මගේ බොහෝ ටෙලි නාට්‍යවල ගිරා රඟපාලා තියෙනවා.

 ගිරාට මාවත් මට ගිරාවත් තේරුම් ගැනීම හරි පහසුයි.

 ගිරාගෙයි මගෙයි සංයුතියත් හරි පහසුයි. මෙග් දරුවටත් අවශ්‍ය ගුරුහරුකම් ලබාදෙන්නේ ගිරා. ගිරාගේ හෙවණේ ඔහු වැඩෙන එකට මාත් කැමතියි ඔහු හරි දේ ඉගෙන ගන්නවා දැනගන්නවා.

 * ඔබ වැඩිපුර අධ්‍යක්‍ෂණය කරන්නේ සද්ධාමංගල සූරිය බණ්ඩාර කියන පිටපත් රචකයා සමග විතරද?

 නැහැ. 2014 වසරේ ඉඳලා සද්ධයි මායි එක දිගට වැඩ කළා. ඊට පස්සේ 2018 අග වගේ ඉඳලා සද්ධා වැඩ කළේ නැහැ. සද්ධට පිටපත් ලියන්න බැහැ වෙහෙසකරයි. ඒ හින්දා යළිත් පෝෂණය වෙන්න බැහැ කියලා සද්ධා විසින්ම නීතියක් පනවාගෙන නිහඬ වුණා. ඒ කාලේ මම වැඩිපුර වැඩ කළේ රසික සූරියආරච්චි සමග. මගේ ටෙලි නාට්‍ය ඉතිහාසය ගත්තහම තිරකතා රචකයෝ ගොඩක් එක්ක වැඩ කරලා නැහැ. සීමිත පිරිසක් එක්ක වැඩ ගොඩක් කරල තියෙනවා. රසික ගත්තත්, මිහිර සිරිතිලක ගත්තත්, චින්තක පීරිස්, චාලක රණසූරිය, ගිරිරාජ් කෞෂල්‍ය ගත්තත් ඔවුන් සමග වැඩ කරද්දී මගෙයි ඔවුන්ගෙයි විශේෂ සම්බන්ධයක් ගොඩනැඟුණා.

 * තිරකතා රචකයෝ සමග ගැටුම් ඇතිකරගත් අවස්ථා නැතිද?

 අනන්තයි අප‍්‍රමාණයි. සද්ධා එක්කත් සතියකට සැරයක් ගැටුම් ඇතිකර ගන්නවා. ඒවා අපි එකතු කරලා තැන්පත් කරලා පොලී බවට පත්වෙන්න ඉඩ තියන්නේ නැහැ. ඒක කතා කළා එතැනින් ඉවරයි. මා එක්ක වැඩකරන තිරකතා රචකයෝ දන්නවා මම මේ කතාකරන්නේ වැඬේ හොඳට කරන්න කියලා. පසුගිය කාලයේ මම එක දිගට අවුරුදු අටක් විතර සද්ධා එක්ක තමයි වැඩ කරලා තියෙන්නේ. සද්ධාගේ කතා ශෛලියට මම කැමතියි.

 * නාඩගම්කාරයෝ පිටපත නාලිකාවට වුවමනා විදිහට ඇදගෙන යයිද?

 නැහැ. යම් යම් කතාබහවල්, කතිකාවන් ඉස්සරට වඩා නාලිකා එක්ක කරන්න සිද්ධවෙලා තියෙනවා. එකම දේ ,රංගන ද සිල්වා අපි අදහසක් කිව්වොත් ඒක නොසලකා හරින්නේ නැහැ. ඔහු අපිට ස්වාධීනව වැඬේ කරන්න ඉඩදීලා තියෙනවා.

 * නාඩගම්කාරයෝ කොටස් කීයකින්ද අවසන් වෙන්නේ?

 ඇත්තම කියනවානම් මම නාඩගම්කාරයෝ ලොකු කොටස් ගණනාවකට යනවාට පෞද්ගලිකවම කැමැති නැහැ. ඒ කියන්නේ කොටස් 200කින් 250කින් නාඩගම්කාරයෝ ඉවරවෙන්න ඕනෑ කියන එක තමයි මගේ පූර්ණ විශ්වාසය. නමුත් මගේ තනි කැමැත්තට වැඩකරන්න බැහැ. තිර කතා රචකයෙක් ඉන්නවා. නිෂ්පාදකවරයෙක් ඉන්නවා. අනෙක් පැත්තෙන් නාලිකාවක් තියෙනවා. එතකොට මේ පාර්ශ්වයන් කතාකරලා එකඟවෙන තැනදී නාට්‍යය නැවතේවි. හැබැයි එකඟවෙන තැන කියලා මම කියන්නේ නාට්‍ය ඇදිලා ඇදිලා ගිහිල්ලා මිනිසුන්ට නාට්‍ය එපාවෙලා අර බලන්න පටන්ගත්ත පුරුද්දට බලන තැනට නාට්‍ය ගෙනියන්න මේ මම කියපු පාර්ශ්වයන්ගෙන් කිසිදු පාර්ශ්වයක් කැමති වෙන්නේ නැහැ කියලා මට සියයට තුන්සියයක් ෂුවර්.

 * කොහොමද පාරදිගේ බණ්ඩාගේ චරිතයත් අපූරු සොයා ගැනීමක් කියලා හිතනවද?

 නාඩගම්කාරයෝ නාට්‍යයට තියෙන ප‍්‍රතිචාර පාරදිගේ ටෙලි නාට්‍යයට නැහැ. නමුත් විශාල පේ‍්‍රක්‍ෂක පිරිසක් නරඹනවා.



 * ඔය අතරේ කොළඹ ඉතාලිය ගැන කතා කරමු නේද?

 කොළඹ ඉතාලිය මේ කාලයේ විකාශය වුණාට මීට ටික කාලයකට කලින් තමයි රූගත කිරීම් සිදුකළේ. මම හිතන්නේ ගිය අවුරුද්දේ කොරෝනාවලට කිට්ටු කාලේ තමයි ඕක රූගත කළේ. එතකොට මම වැඩිපුර කොටස් ප‍්‍රමාණයක් රූපගත කර ගත්තා. කොරෝනා පළමු රැුල්ල ඉවර වුණාට පස්සේ තමයි ඉතුරු ටික රූගත කර ගත්තේ. එහි රූගත කිරීම්වල පොඩි පොඩි ප‍්‍රශ්න තිබුණා. නළු නිළියන් එකතුකර ගැනීම, මුහුදේ රූගත කිරීම් වගේ දේවල්. කොළඹ ඉතාලියේ වෙනම ටේස්ට් එකක්. චාලක රණසූරිය මට මේ කතාව කිව්වාම මම ඒකට කැමති වුණෙත් ඒකයි. වෙනත් මාදිලියක වෙනත් තේමාවක්. ඒකේ අවසානයත් වෙනස්ම අවසානයක්. ඒ කියන්නේ අපි දකින සුභදායී ඉක්බිති සියල්ලෝම සතුටින් විසර ගියහ කියන අවසානය නෙමෙයි තියෙන්නේ. විවිධ තේමවන් තුනක් යටතේ විකාශය වෙන නාට්‍ය තුනක් නාලිකා දෙකක 8.30 සිට 10.00 කියන කාල පරාසයක.

 * කොළඹ ඉතාලිය පිටපත ලියැවුණෙත් කාව හරි නළුවෙක් ඉලක්ක කරගෙනද?

 ඔව්. කොළඹ ඉතාලිය පිටපත ලියැවෙන්නේම සම්පත් ජයවීර කියන නළුවා ඔළුවේ තියා ගෙනමයි. මෙහි නිෂ්පාදක සුධර්මා ජයවර්ධනයි. මමත් ඇහැගහගෙන සිටියා. එක චරිතයක් කරන්නේ සම්පත් ජයවීර. නිත්‍ය වශයෙන්ම ඉන්නවා කියන තැන ඉඳලා තමයි පටන් ගත්තේ. මානුෂිකව මට යෝජනා කළේ මෙහි නිෂ්පාදිකා සුධර්මා. එතකොට රඟපාලා තියෙනවා සෑයේ කතාව ටෙලි නාට්‍යයේ.

 කොළඹ ඉතාලියේ රූගත කිරීම් අවසන් වෙලාද තියෙන්නේ.

 නැහැ. කොළඹ ඉතාලියේ බොහෝදුරට එක වාරයක් වාර දෙකක් ෂූට් කරන්න ඇති කොළඹ ඉතාලිය කොටස් සියයක් විතර යන්න කරපු ටෙලි නාට්‍යයක් ස්වාධීන රූපවාහිනිය කීයක් දෙනවද දන්නේ නැහැ ඒ දෙන එක අනුව තමයි සියල්ල තීරණය වෙන්නේ.

 * ජයප‍්‍රකාශ් ශිවගුරුනාදන් කියන අධ්‍යක්‍ෂවරයා මේ වෙනකොට ටෙලි නාට්‍ය කීයක් විතර අධ්‍යක්‍ෂණය කරලා තියෙනවාද?

 අනේ සමාවෙන්න. මගේ එකම දේ මම කරපු ටෙලි නාට්‍යවල සංගණනයක් මා ළඟ නැහැ. ඇත්තටම කරපු ටෙලි නාට්‍ය මෙච්චරයි කියලා මතක නැහැ. ළඟදීම කොළයක් අරගෙන පටන් ගන්න ඕනෑ කියලයි මට හිතෙන්නේ. මේ අවිවේකී කාලය අවසන් වූ විගස.

 * එතකොට ඔබ ළඟ හිටපු සිනමා අධ්‍යක්‍ෂවරයාට මොකද වුණේ?

 සිනමා අධ්‍යක්‍ෂවරයා තවම මා ළඟ ඉන්නවා. ඒක නැතිවෙලා නැහැ. නමුත් සිනමාව කොරෝනා වසංගතයත් එක්ක අද වැටිලා තියෙන්නේ ලොකු කඩාවැටීමකට. කොරෝනා දෙවැනි රැුල්ලත් එක්ක සිනමා ශාලා 50ක් මුළුමනින්ම වැහිලා ගිහිං තිබුණා. තුන්වැනි රැුල්ල ඉවරවෙනකොට තව කීයක් වැහෙයිද දන්නේ නැහැ. දැන් ලංකාවේ සිනමාව තියෙන්නේ ඉතාම ව්‍යාකූල තත්ත්වයක. අර ෆීනික්ස් පක්‍ෂියෙක් වගේ අළු මතින් යළිත් සිනමාව නැගිටින්න ඕනෑ කියන මතයේ ඉන්නවා. ඒකට කොච්චර කාලයක් යයිද ඒ අළු මතින් නැගිටුණාට පස්සේ අපිට චිත‍්‍රපටයක් කරන්න කවදා ලැබෙයිද කියන්න තත්ත්වයක් නැහැ.

 * ජයප‍්‍රකාශ් සිවගුරුනාදන් අධ්‍යක්‍ෂවරයා කලාවට අත නොතිබ්බානම් ඇත්තටම මොනවා කරාවිද?

 ඒක ගැන නම් මටත් විශ්වාසයක් නැහැ. ආවෙත් එහෙම තමයි ආපු ගමන් පත්තර රස්සාවට තමයි වැටුණේ. ඊට පස්සේ එතනින් මේකට වැටුණා. එහෙම නම් මටත් හිතෙන්නේ නැහැ මොකක් වෙයිද කියලා.

 * ඔබ නාඩගම්කාරයෝ අධ්‍යක්‍ෂවරයා කියලා කවුරුත් දන්නේ නැහැ නේද?

 නැහැ. ඒක නොදැනීම පාඩුවක්. ලොකු කරදරයකුත් නැහැ. සමහර සම්මුඛ සාකච්ඡුාවලදී දැකල මාව අඳුරනවා. එහෙම ලොකු කලබගෑනියක් වෙලා නැහැ.

 * නාඩගම්කාරයෝ හින්දා යූ ටියුබ් නාලිකා වැහි වැහැලා නේද? මේවා ඔබලාගේ සැලසුම්ද?

 ඔය යූ ටියුබ් නාලිකාවලින් කියන කවුරුත් නොහිතන අවසානයක් තමයි සමහරවිට වෙන්න පුළුවන්. අපි නාට්‍යය සීමා කරන්න යූ ටියුබ් චැනල් හදලා නැහැ. ඔබ දන්නවා ඇති මගේ නාට්‍යයක් නිමාකර ගන්න පත්තරයක ආටිකල් එකක්වත් ඉල්ලන මනුස්සයෙක් නෙවෙයි නේ මම. මට එහෙම බාල විදිහට කරන්න වුවමනා නැහැ. ඒකට පෞද්ගලිකව කැමතිත් නැහැ. හැබැයි එකම දේ නාඩගම්කාරයෝ නාට්‍ය හින්ද යූ ටියුබ් කරන විශාල පිරිසක් ජීවත් වෙනවා කියලා නම් දැනෙනවා. බොනී මියානුවා නට්‍යයේ දර්ශන එකතු කරලා සරා ගුටිකාලා පිස්සු හැදෙනවා කියලත් ඒවා හදල තිබුණා. නාඩඩගම්කාරයෝ හින්දා යූටියුබ් නාලිකා වැහි වැහැලා. මට ෆේස් බුක්වත් නැහැ. මොකක්ද කරන්නේ කියලා මට තේරෙන්නේ නැහැ. ලොකු දුකකුත් තියෙනවා සතුටකුත් තියෙනවා. බැලූවම සමහර වෙලාවට සමහර යූටියුබ් නාලිකාවලින් කියන කරන දේ දැක්කහම නාඩගම්කාරයෝ එකේ තිරකතා රචක සද්ධයි අධ්‍යක්‍ෂ මමයි නෙමෙයිද කියලත් හිතිලා තියෙනවා. ඒ තරමට කතාවල් හදනවා. අයිතිවාසිකම් කියනවා. ඒ ගැන දුකකුත් වගේම සතුටකුත් තියෙනවා. ඒ දිහා බලලා කලබල වෙලා වැඩක් නැහැ. උපේක්‍ෂාවෙන් ඒ දිහා බලාගෙන ඉන්න තමයි කරන්න වෙන්නේ?



 දිනේෂ් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment