නාඩි වාක්‍ය ගැන බලංගොඩ නාහිමි කළ හෙළිදරව්ව

1878

අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛතී‍්‍ර නාහිමියන් විසින් සටහන් තබන ලද සුවිශේෂී දිනපොත් කිහිපයක් හමුවී තිබේ. මෙතැන් පටන් එම දින පොතෙහි සටහන්ව ඇති වැදගත් සටහන් රැුසක් ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ මගින් ඉදිරිපත් කෙරේ.

 ම විසින් ලියා පළ කරන ලද ඉසිවරුන් දුටු මගේ භව ගමන 1 – 2, අරුම පුදුම අති විස්මිත නාඩි වාක්‍ය හා සිහිනයෙන් වැඩි බලන්ගොඩ හාමුදුරුවෝ යන පොත් පත් හි සහ සති අන්ත ඉරිදා ‘දිවයින’ පුවත්පතේ මාස කිහිපයකම් නාඩි වාක්‍ය පිළිබඳව විශේෂාංග ලිපි වශයෙන් පළවිය.

 එම ලිපි කියවූ දහස් සංඛ්‍යාත පාඨකයන්ට නම් නාඩි වාක්‍ය පිළිබඳව අමුතුවෙන් විස්තර කළ යුතු නොවේ.

 එකී පත පොත නොකියවූ පාඨකයන් වෙනුවෙන් නාඩි වාක්‍ය පිළිබඳ කෙටි හැඳින්වීමක් ලෙස මෙවැනි පරිච්ෙඡ්දයක් ලිවිය යුතු යැයි හැඟුණි. එබැවින් මෙම පරිච්ෙඡ්දය ඇතුළත් කළ යුතු බව කරුණා පූර්වකව සඳහන් කරනු කැමැත්තෙමි.

නාඩි වාක්‍ය ගැන බලංගොඩ නාහිමි කළ හෙළිදරව්ව

නාඩි වාක්‍ය කියන්නේ මොනවාද?

 නාඩි යන වචනය ඇසූ මුල් අවස්ථාවේදීම ඔබට මෙන්ම මා තුළද එවැනි කුතුහලයක් ඇතිවිය.

 අපට හුරුපුරුදු අන්දමට නම් නාඩි බලන්නේ ආයුර්වේද වෙද මහත්වරුන්ය නැතිනම් දොස්තර මහත්වරුන්ය. අපේ අතේ මැණික්කටුව අල්ලා දෑස පියාගෙන අපේ රුධිර ධාවනය, හදවතේ ගැස්මට, සවන් දෙන ඔවුහු එමගින් ලෙඩ රෝග හඳුනාගෙන ප‍්‍රතිකර්ම කළහ.

 ඒ හැරුණුවිට නාඩි යන වචනය අපට හමුවන්නේ බර උසුලන කම්කරුවන් හැඳින්වීමට ද නාඩිකරුවන් යන වචනය භාවිත වෙන බවය. එසේම නාඩි යන වචනය බෙහෙවින් පාවිච්චි වන්නේ යෝග භාවනාව ප‍්‍රගුණකරන අවස්ථාවන්හිදීය. (මේ පිළිබඳව වියත් ලේඛක සරත්චන්ද්‍ර ජයකොඩි සූරීන් විසින් ප‍්‍රකාශයට පත්කර ඇති ‘‘භාරත යෝග කුණ්ඩලනි’’ ග‍්‍රන්ථය කියවීම වටී.)

 එහෙත් අපවත්වී වදාළ අභිධජ මහාරට්ට ගුරු අග්ගමහා පණ්ඩිත බලන්ගොඩ ආනන්ද මෛත්‍රෙය හිමියන් හමුවී නාඩි වාක්‍ය පිළිබඳ කරුණු විමසීමේදී අප කිසිසේත් නොසිතූ මානයකට උන් වහන්සේ අප යොමු කළහ.

 ‘නාඩි කියන වචනයට තේරුම් රාශියක් තියෙනවා මහත්තයා. එක වචනයක් අප හොඳින් දන්නා අපේ ශරීරයේ රුධිර ධාවනය පරීක්‍ෂා කරන කාර්යයට, වෙදමහත්වරු දොස්තර මහත්වරු නාඩි බලනවා කියලා කියනවා.

 ඒත් මෙතැනදී නාඩි බලනවා කියන වචනයට ඊට වඩා පුළුල් තේරුමක් තියෙනවා.

 එනම් නාඩි බලනවා කියන්නේ සෘෂිවරයා හමුවීමට වේලාව පැමිණි තැනැත්තා කියන තේරුමයි.

 ‘‘මේ කරුණ අපි කොහොමද දැන ගන්නේ, ස්වාමීනි?’’

 ‘‘මෙහෙමයි කිසියම් කෙනෙකුට කවරාකාරයකින් හෝ පත පොතින් කට වචනයෙන් හෝ වෙනත් ආරංචි

 මාර්ගයකින් නාඩි වාක්‍ය ගැන දැනගන්න ලැබිලා මටත් මේක කියවා ගන්න ඕනෑ කියලා හිතුනොත්, ඒ තමයි සෘෂිවරයා හමුවීමට වෙලාව පැමිණි තැනැත්තා කියන එකයි.

 මේ පිළිබඳව මමත් නාඩි වාක්‍ය තුළින් අහලා බැලූවා. මට ලැබුණ උත්තරේ තමයි මම දැන් මුන්නැහේට කීවේ.

 ‘ඊ ළඟට කවුද මේ සෘෂිවරු කියන්නේ ස්වාමීනි?’’

 ‘‘කොහෙද මේ ඇත්තෝ ඉන්නේ?’’

 ‘‘මොනවද මේ ඇත්තන්ගේ තියෙන විශේෂත්වය.?’’

 ‘‘සෘෂිවරු කියන්නෙත් අපි වගේම මවු කුසෙන් බිහිවෙලා මවගෙන් කිරි බී හැදුන වැඩුන අයයි. මේ ඇත්තන් භව ගණනාවකම ඉඳලා නොයෙක් භාවනාවන් ප‍්‍රගුණ කරපු උදවියයි.

 ඒ හේතුවෙන්ම මේ ඇත්තන්ට විශේෂ මානසික ශක්තීන් තියෙනවා.

 ඒ ඇත්තන්ට අවුරුදු 50,000ක් අතීතය ද, අවුරුදු 50,000ක් අනාගතයද, ලෝකයේ මේ මොහොතේ සිදුවන දේවල් ඒ මොහොතේම දැක ගැනීමේ ශක්තිය ද තිබුණා.

 එක එක සෘෂිවරුන්ට තමන් ප‍්‍රගුණ කළ භාවනාව අනුව මෙම ශක්තිය හිමිවෙනවා. සමහර සෘෂීන් වහන්සේලාට අවුරුදු ලක්ෂය ඉක්මවා අතීතයද, අනාගතයද, දැකීමේ ශක්තිය තිබුණා. මෙවැනි මහා බලසම්පන්න අභිඥාලාභී සෘෂිවරුන් 1000කට වැඩි සංඛ්‍යාවක් උතුරු ඉන්දියාවේ වනගතව හිමාල කඳු ශිකරයේ සඳුන් රුක් සෙවෙණේ භාවනානුයෝගීව වෙසෙමින් මිනිසුන්ගේ භව ගමන මනසින් දුටුවා. ඔවුන් ඒ විස්තර ශ්ලෝක වශයෙන් සකස් කරලා තමන්ගේ ගෝලයන්ට කටපාඩම් කෙරෙව්වා.

 ගෝලයෝ මෙම ශ්ලෝක කටපාඩම් කරගෙන අවුරුදු ගණනාවක්ම රැකගෙන ආවා.

 මීට අවුරුදු 3000කට පමණ පෙර ඉන්දියාවේ සිටි තංජෝර් මහ රජතුමා මෙම ශාස්ත‍්‍රයේ ඇති වටිනාකම අවබෝධ කරගෙන එම ශාස්ත‍්‍රය ආරක්ෂා කිරීමට තීරණය කළා. එ් අනුව තන්ජෝර් මහරජතුමා ඉන්දියාව පුරා සිටි බමුණු පඬිවරුන් කැඳවා ඔවුන් වෙත ඇති නාඩි ක‍්‍රම තල්පත්වල ලේඛන ගතකළා විවිධ භාෂාවලින්.

 මේ විදියට ලේඛන ගතකළ නාඩි වාක්‍ය තල්පත් ලේඛන ඉන්දියාව පුරා පුස්තකාලවල ද එක් එක් ගුරු කුලවලට අයත් දේපළ ලෙසටයි අදටත් තියෙන්නේ.

 මෙම ඥාන සම්භාරය කොතරම් වැදගත්ද යන්න අවබෝධ වනවා. මෙම තල්පත්, ග‍්‍රන්ථ සංස්කරණය සඳහා විශාල ගොඩනැඟිල්ලක්ද තංජෝර් මහරජතුමා ඉදි කළා. එම ගොඩනැඟිල්ල වටා දිය අගලකින්ද ආරක්ෂා කළා.

 මෙම දිය අගලට අතිරේක ආරක්ෂාවක් වශයෙන් කිඹුලනද් දමා රැකවරණයක් ලබාදීමට තංජෝර් මහරජතුමා කටයුතු කර තිබුණා. තංජෝර් මහරජතුමාගේ පුත‍්‍රයා බටහිර රටක අධ්‍යාපනය ලබා සිය රට පැමිණ විශාල

 ගොඩනැඟිල්ලේ තිබූ තල්පත් මිටි සියල්ල දිය අගලට විසි කළා. ඊට පසු එම ගොඩනැඟිල්ල තමාගේ අන්තඃපුරය සඳහා වෙන්කර ගත්තා. මෙම තොරතුරු දැනගත් බමුණු පඬිවරුන් සිය ජීවිතය ගැන පවා නොතකා කිඹුලන්ගෙන් පවා ආරක්ෂා කර තිබූ දිය අගලට පැන තල්පත් මිටි බේරා ගත්තා. මෙසේ බේරාගත් තල්පත් මිටි අද දක්වාම ඔවුන්ගේ පාරම්පරික උරුමයන් ලෙස, දේපළ ආරක්ෂා කරගෙන තබාගෙන තිබෙනවා. මෙම තල්පත් රචනා කර තිබුණේ ඉන්දීය දේශීය භාෂාවලින්. දෙමළ, සංස්කෘත, මාගධී, මලයාලම් යනාදී භාෂාවලින්. එසේ ලියැවුණු නාඩි වාක්‍ය තල්පත් දැනට ඉන්දියාව පුරා ඇති දහසකට වැඩි නාඩි කියවනමධ්‍යස්ථානවලත්, පුස්තකාලවලත් තියෙනවා.

 විදේශිකයන් ඉන්දියාව පාලනය කරපු කාලයේ, මෙම වටිනා තල්පත් ලේඛන කෝටි ගණනක් ඔවුන්ගේ රටවලට ගෙන ගොස් තියෙනවා. එංගලන්තය, ඇමෙරිකාව, ප‍්‍රංශය ආදී රටවලටත් තවත් කොටහක් ඊශ‍්‍රායලයටත් ගෙනහුන් තියෙනවා. කෝටි සංඛ්‍යාත මෙම පුස්කොළ පොත් එහෙම ගෙන ගියාට ඒ ඇත්තන්ට ඉන් කිසිම ප‍්‍රයෝජනයක් ගන්න බැහැ. හේතුව එම තල්පත් රචනා කරලා තියෙන්නේ එක්තරා කේත ක‍්‍රමයකට. ඒ කේත ක‍්‍රමය දන්නේ ඒ ඒ පවුල්වල උදවිය පමණයි.

 ඒ රහස් තම පවුල්වලින් පිට දෙන්නේ නැහැ.

 වතාවක් මම රායිපෙටා වීදියේ පණ්ඩිත තංගවේලූ කියන නාඩි කියවන පඬිවරයාගෙන් තනි කණ්ඩම් කාණ්ඩයෙන් විස්තරයක් ලබාගෙන උන්නැහේ මගේ විස්තරය කොපි පොතට කොපි කරන අතරතුර මෙම තල්පතක් අරගෙන බැලූවා. මට කිසිම දෙයක් කියවාගන්න බැරිවුණා. මම දුටුවේ ඉතාම කුඩා තිත් සමූහයක් විතරයි.

 තංගවේළු මහත්තයත් එම තල්පත් කියෙව්වේ

 මැග්නිෆයින් කණ්ණාඩියක ආධාරයෙන්. මමත් එම කණ්ණාඩිය ඉල්ලාගෙන තල්පත් බැලූවා. මම දැක්කේ කුඩා තිත් සමූහක් විතරයි. මට පුදුම හිතුනා මීට අවුරුදු දහස් ගණනකට පෙර හිටිය ඇත්තෝ මෙතරම් කුඩා අකුරු ලිව්ව එක ගැන.

 (නා හිමියන්ගේ මෙම ප‍්‍රකාශන ඇතුළත් විඩියෝ පටි 04ක් දැන් ඔබට weediya.com වෙබ් අඩවියෙන් කියවිය හැකිය.)

 විවිධ මාදිලියේ නාඩි වාක්‍ය ක‍්‍රම ඉන්දියාව පුරා තියෙන නාඩි වාක්‍ය මධ්‍යස්ථාන දාහකට අධික ස්ථානවල අදටත් තියෙනවා.

 හැම නාඩි වාක්‍යයක්ම හැඳින්වෙන්නේ ඒ ඒ සෘෂිවරයා නමින්.

 උදාහරණයක් වශයෙන් කාක සෘෂිවරයාගේ නාඩි වාක්‍ය හැඳින්වෙන්නේ කාකයර් නාඩි හැටියටයි. කමලමුණි සෘෂිවරයාගේ නාඩි වාක්‍ය හැඳින්වෙන්නේ කමලමුණි නාඩි වාක්‍ය හැටියටයි. භුජන්දර සෘෂිවරයාගේ නාඩි වාක්‍ය හැඳින්වෙන්නේ භුජන්දර නාඩි වාක්‍ය හැටියටයි.

 මේ අන්දමට ලියැවුණු නාඩි වර්ග දාහකට වැඩි සංඛ්‍යාවක් ඉන්දියාව පුරා තියෙන නාඩි මධ්‍යස්ථානවල අදත් තියෙනවා. සමහර නාඩි වාක්‍ය භාවිතයෙන් ඈත්ව තිබීම හේතුවෙන් අභාවයට ගිහින්. නාඩි වාක්‍යවල අති විස්මිත නාඩි ක‍්‍රමයක් තමයි තනි කාණ්ඩම් හෙවත් ප‍්‍රත්‍යෙ කාණ්ඩම් ක‍්‍රමය. මෙම ක‍්‍රමයේ තියෙන අති විශේෂත්වය තමයි නාඩි කියන තැනැත්තාට තමන්ගේ කේන්ද්‍ර පිටපත දෙන අතරේ වචනයක් පවා නොකියා එම කාරණය සිතින් සිතාගෙන කේන්ද්‍ර පිටපත දීමයි. එවිට නාඩි කියවන්නා අපි පැමිණි වෙලාව හෝ වෙනත් කරුණු පාදක කොටගෙන අප සිතා ගත් කරුණ කියනවා.

 බදුල්ලේ මෛත‍්‍රී රත්නායක

advertistmentadvertistment
advertistmentadvertistment