නාද්රෝ රඛිතගේ බෙර ස්ටෝර්

336

තාල වාද්‍ය භාණ්ඩවලින් වෙනස්ම රටා මැවූ තරුණයෙක් තමයි රඛිත වික‍්‍රමරත්න. ඒ නිසාම ඔහු ආරම්භ කරපු නාද්රෝ සංගීත කණ්ඩායම අපේ රටේ වෙනස්ම රැල්ලක් ඇති කළා. මේ නිසාම අපේ රටේ කොල්ලො කෙල්ලෝ බෙර ගැන හොයන්න පටන්ගත්තා.

 මේ නිසාම රඛිත බෙර ගැන දැනගන්න ඔයාලට බෙර ස්ටෝරි කියලා අලූත් නිවහනක් පසුගියදා ආරම්භ කළා. කියවලා බලන්නකෝ රඛිතගේ මේ වැඬේ මොකක්ද කියලා.

 * නාද්රෝ රඛිත අලූත් වැඩක් පටන් ගත්තා නේද?

 ඔව්. මේක ඇවිල්ලා ලංකාවේ තාල වාද්‍ය භාණ්ඩවලට වෙන්වුණු තැනක්. එහෙම තැනක් මෙච්චර කල් ලංකාවේ තිබුණේ නැහැ. ඒ වගේ තැනක් හදන එකත් මගේ සිහිනයක් වෙලා තිබුණේ. මම එතැන හැදුවා ඩ‍්‍රම්ස් රෙකෝඞ් කරන්න ස්ටුඩියෝ එකක්. දේශීය බෙර, අප‍්‍රිකානු බෙර, ලතින් ඇමරිකානු බෙර, බටහිර බෙර ආදී මේ වගේ හැම දෙයක්ම එක තැනකින් ඉගෙනගන්න පුළුවන් තැනක්. ලංකාව ඇතුළේ විශ්වාසවන්ත ඕනෑම රටක ඕනෑම බෙරයක් මිලදී ගන්න තැනක් හොයා ගන්න හරි අමාරුයි. ඉතිං ඒ දේත් මෙතැනින් කරගන්න පුළුවන්. මහරගම තමයි මේ වැඬේ පටන් ගත්තේ.

 * ඇයි මේ වගේ දෙයක් කරන්න හිතුවේ?

 මම මගේ ජීවිතයේ හැම තිස්සේම බැලූවේ මොනව හරි ප‍්‍රශ්නයකට විසඳුමක් සෙවීම. අනික් එක මම හැම තිස්සේම බෙරත් එක්ක හිටපු කෙනෙක් විදිහට මම බලන්නේ දන්න දෙයින් යමක් කරන්න. නොදන්න දේවල් කරන්නේ නැතිව ඉන්නෙ. මම ගිටාර් ගහන්න දන්නේ නැහැ. කීබෝඞ් ගහන්න දන්නේ නැහැ. එතකොට ඒවාට අදාළ දේවල් මම කරලා හරියන්නේ නැහැ. මම දන්න දෙයින් තමයි යමක් කරන කොට මිනිස්සු මාව විශ්වාස කරන්නේ. එතකොට මම හැම තිස්සේම කරන්නේ බෙරත් එක්ක යන දේවල්.

නාද්රෝ රඛිතගේ බෙර ස්ටෝර්



 *තාල වාද්‍ය භාණ්ඩවලින් ඔබ කරපු දේවල් ගැන කතා කළොත්

 2017 වසරේ නාද්රෝ හරහා මම කළා ජාත්‍යන්තර මට්ටමේ ඩ‍්‍රම්ස් ෆෙස්ටිවල් එකක්. ඒක බෙර ෆෙස්ට් කියලා ගියේ. මීට අවුරුදු එකහමාරකට කලින් තව මම ආරම්භ කළා බෙර ස්ටෝර් කියලා ස්ථානයක්. ඒ මගේම ගොඩනැඟිල්ලකට තමයි දැන් මම අරගෙන ගියේ. ස්ටුඩියෝ ගොඩක් ලංකාවේ තිබුණට ඩ‍්‍රම්ස්වලට වෙන්වුණ ස්ටුඩියෝ එකක් ලංකාවේ නැහැ. මියුසික් ස්කූල් ගොඩක් ලංකාවේ තිබුණට පර්කෂන් ජාති ඉගෙනගන්න තැනක් ලංකාවේ නැහැ. මේ ඔක්කොටම ලෙහෙසි වෙන විදිහට තමයි මේ තැන නිර්මාණය කළේය.

 *තාල වාද්‍ය භාණ්ඩවලට අපේ රටේ ලොකු ඉල්ලූමක් තියෙනවා කියලා හිතනවාද?

 අනිවාර්යයෙන්ම ලොකු ඉල්ලූමක් තියෙනවා. අපි ඒක හිතන්නේ නැහැ. අපි ලංකාවේ සංගීතය කියලා හිතන්නේ සින්දු කියන එක විතරයි. සරල ගීතය තමයි සංගීතය කියන්නේ. නමුත් සංගීතය කිියන්නේ ලොකු වපසරියක් තියෙන විෂයයක්. විවිධාකාරයේ සංගීත ශෛලීන් තියෙනවා. ලංකාවේ තවම ඉන්ස්ටෘමන්ට්ටල් මියුසික් කියන එක ජනපි‍්‍රය නැහැ. ඉතිං ඒකෙනුත් කැඩිලා ගිය කොටසක් තමයි පර්කෂන් මියුසික් කියන්නේ. මේ තාල වාදන සංගීතය නැතිනම් බෙර තාල වාදන භාණ්ඩත් එක්ක නිර්මාණය වන සංගීතය. ඒ කොටස තමයි මම නියෝජනය කරන්නේ.

 2007 වර්ෂයේ නාද්රෝ පටන්ගනිද්දී අපි කවුරුවත් හිතුවේ නැහැ තාල වාද්‍ය භාණ්ඩවලින් රටක් ඇතුළේ මෙච්චර පෙරළියක් කරන්න පුළුවන් වෙයි කියලා. නමුත් අපි අද ඒ පෙරළිය කරලා තියෙනවා. ඉතිං ඒ අවදානම අරගෙන තමයි මම බෙරවලින් විතරක් ප‍්‍රසංගයක් කළේ 2008 වසරේ නාද්රෝ සමඟ. ඒකත් ලංකාවේ ලොකු වෙනසක් ඇතිකළා. ඊටත් වඩා අවදානමක් අරගෙන මම ජාත්‍යන්තර ඩ‍්‍රම්ස් ෆෙස්ටිවල් එකක් විහාරමහාදේවි එළිමහන් රංග පීඨයේ සිදුකළේ. ඒ වෙලාවේ අපි කවුරුවත් හිතුවේ නැහැ 15,000ක විතර සෙනඟක් බෙර වෙනුවෙන් එකතු කරන්න පුළුවන් කියලා. අනික බෙරවලට මිනිස්සු කොච්චර කැමතිද කොච්චර ඉල්ලූමක් තියෙනවාද කියලත් අපි දැනගත්තා. ඒක නිසාම තමයි බෙරවලින් තව දේවල් මේ රටට කරන්න ඕනෑ කියලා හිතුවේ. මොකද මේකට කැමැති මිනිස්සු ගොඩක් ඉන්නවා.

නාද්රෝ රඛිතගේ බෙර ස්ටෝර්



 * මේ වැඩෙන් නාද්රෝ කණ්ඩායම හැලූවේ ඇයි?

 නැහැ. නැහැ. නාද්රෝම තමයි නාද්රෝ තාල වාදන කණ්ඩායමක් විදිහට වෙනම යනවා. මගේ ජීවිතයේ විවිධාකාර කොටස් තියෙනවා. රඛිත නාද්රෝ එක්ක ගියහම නාද්රෝ කියන්නේ බෑන්ඞ් එකක්. ඒ කියන්නේ රඛිත කැපී පෙනෙන්නේ නැහැ. කොයිම වෙලාවකවත් මම කියන්නේ මට කැපී පෙනෙන්න බැහැ. මම කැපී පෙනෙන්න ගියොත් ඒක බෑන්ඞ් එකක් වෙන්නේ නැහැ. කණ්ඩායමක් තුළ එම තැන තියෙන්න ඕනෑ ඕනෑම කෙනෙකුට. ඉතිං මම ඒක

 පවත්වාගෙන යනවා නාද්රෝට දැන් අවුරුදු දහතුනක් වෙනවා. එදා හිටපු කණ්ඩායමත් එක්ක මම ඉන්න එකේ රහස ඒක තමයි. මම නායකයා. ලීඩර් කියලා එතැන කැපී පෙනෙන්න යන්නේ නැහැ.

 නාද්රෝ කණ්ඩායමෙන් පිටත මම වෙනම සෝලෝ ආටිස් කෙනෙක් විදිහට වැඩ කරනවා. ඊට අමතරව මම රෙකෝඩින් ආටිස් කෙනෙක් විදිහට ලංකාවේ ඉන්න ගොඩක් ගායක ගායිකාවෝ එක්ක ඔවුන්ගේ ගීත පටිගත කරනවා. එතකොට මම සෝලෝ ප්ලේයර් කෙනෙක් විදිහට සෝලෝ ප්‍රෝගෑම්ස්්ස් වලටත්

 වෙනම ඉදිරිපත් වෙනව. මගේ සංගීත ගමනේ විවිධාකාර කොටස් තියෙනවා. ඇකඩමි ඔෆ් ෆර්කෂන් මම පවත්වාගෙන යන්නේ වෙනමම ආකාරයට. මම අද වෙනකොට සෞන්දර්ය විශ්වවිද්‍යාලයෙත්්, කොළඹ විශ්වවිද්‍යාලයෙත්, ශ‍්‍රීපාලි මණ්ඩපයේ අවුරුදු හතරක ඉ`දන් බාහිර කථිකාචාර්යවරයෙක් විදිහට වැඩ කරනවා.

 ඉතිං ඒ ඔස්සේ මම දැක්කා මේක ඉගෙනගන්න බොහෝ පිරිසක් ලංකාවේ ඉන්නවා කියලා. ඒකත් එක්ක ගොඩනැගීමට වෙනමම අධ්‍යාපනික පැත්කක් මගේ ජීවිතයේ තිබෙනවා. ඒ හැම එකක්ම එකතු කරලා තමයි මේක ආරම්භ කළේ.

 * නාද්රෝලා කැමැතිි වුණාද ඔබ මේ වැඬේ තනියම කරනවාට?

 එහෙම කිසිම ප‍්‍රශ්නයක් නැහැ. මගේ ජවිතයේ එක කොටසක් නාද්රෝ මේක තව කොටසක්. අපි අතරේ එහෙම කිසිම ප‍්‍රශ්නයක් නැහැ. නාද්රෝ කණ්ඩායමෙත් හැමෝටම එහෙම එක එක විදිහේ පෞද්ගලික දේවල් තියෙනවා.

 * දිනේෂ් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment