නානාගේ සෙල්ලමෙන් චාරුලතා සල්ලං වෙයි

2412

තමුසේ කසාද බැඳලා දරුවෝ හැදුවානම් උන්ට කන්න බොන්න දෙනවා. උන්ගේ දුකසැප බලනවා මට මේ දරුවෝ බඩගින්නෙ තියන්න බැහැ.

 චාරුලතා තමන්ගේ සැමියා වූ රත්නපාලට තොරතෝංචියක් නැතිව බැණවැදුණා. රත්නපාල මේ කිසි දෙයක් ගණනට ගත්තේ නැහැ.

 චාරුලතා පදිංචි වෙලා හිටියෙ කළුතර පැත්තෙ ගමක. එයා රත්නපාල එක්ක විවාහ වුණේ ජීවිතේ ලස්සන කරගන්න හිතාගෙන. විවාහයෙන් මේ දෙන්නට දරු දෙන්නෙකුත් ලැබුණා. රත්නපාලට ස්ථාවර රැුකියාවක් නොතිබුණු නිසා මේ පවුල අගහි`ගකම් ගොඩකට මැදිවෙලා හිටියේ.

නානාගේ සෙල්ලමෙන් චාරුලතා සල්ලං වෙයි

ජීවත් වෙන්න ඕනෙ නිසා චාරුලතා පුංචි ව්‍යාපාරයක් පටන් ගත්තා. චාරුලතාට හොඳට මහන්න පුළුවන්. ඒ නිසා ඇය තීරණය කළා ඇඳුම් මහල වෙළෙඳසල්වලට දාන පුංචි ව්‍යාපාරයක් පටන් ගන්න.

 ඒත් ඒකට සල්ලි හතර අතට ණය වෙලා මැෂින් එකක් මිලදී ගන්න චාරුලතා මහරගම තොග වෙළෙන්දෙක්ගෙන් රෙදි ලබා ගත්තා.

 චාරුලතා ගැන බොහොම අනුකම්පාවෙන් නානා මුදලාලි එයාට ණයට රෙදි දුන්නා. දැන් චාරුලතා පුංචි පුංචි ඇඳුම් මහල මහරගම පමුණුව පැත්තෙ කඩවල්වලට දානවා. ව්‍යාපාරය කාලයක් කරගෙන

 ගියා. ලැබෙන ලාභය ගෙදර වියදමටවත් ප‍්‍රමාණවත් නැහැ.

 ඔහොම යද්දී නානා මුදලාලිගේ ණය පොත අහස උසට ගොඩගැහුණා.

 මේ චාරුලතා මම ඔයා ගැන අනුකම්පා කරල උදව් කළේ. කරුණාකරලා මගේ රෙදිවල සල්ලි බේරන්න. මමත් ව්‍යාපාරයක්නෙ කරන්නේ.

 නානා මුදලාලි චාරුලතාට දිගින් දිගටම තර්ජනය කළා ණය මුදල් බේරන්න කියලා. ඒත් කෝ අනේ සල්ලි ගන්න හැම ශතයක්ම රත්නපාලටයි දරු දෙන්නටයි වියදම් කළා.

 දරු දෙන්නෙකුගෙ අම්ම කෙනෙක් වුණාට චාරුලතා බොහොම සුන්දර කාන්තාවක්. රෙදි ගන්න එන හැම වෙලාවකදීම නානා මුදලාලි චාරුලතාගේ මේ සුන්දර රූසපුව හොරෙන් හොරෙන් රසවින්දා.

 දවසක් නානා මුදලාලි චාරුලතාට ඇමතුමක් දීලා පානදුරේ පැත්තෙ හෝටලේකට එන්න කිව්වා. චාරුලතා හිතුවේ ණය මුදල් ගැන කතා කරන්න කියලා.

 එන ඕනෑම දේකට මුහුණ දෙනවා කියල හිතාගෙන චාරුලතා පානදුරේ හෝටලේට ආවා.

 මං මේක ඔයාට කාලෙක ඉඳල කියන්න හිටියේ. මම ඇත්තටම ඔයාට කැමතියි. මගේ ණය වලට හිලව් වෙන්න ඔයා මගේ යෝජනාවට කැමති වෙන්න.

 නානා මුදලාලි කාලයක් තිස්සේ හිතේ හංගගෙන හිටිය යෝජනාව එදා එළියට දැම්මා.

 අනේ මුදලාලි මං එහෙම ගෑනියෙක් නෙවෙයි. මම ප‍්‍රශ්න ගොඩක ඉන්නේ. මට මගේ පාඩුවේ ඉන්න දෙන්න මං කොහොම හරි ඔය ණය ටික බේරලා දාන්නම්.

 චාරුලතා දන්න හැම විදියටම කිව්වා, නානා මුදලාලිගෙන් බේරෙන්න. ඒත් එයාට එදා ගැලවීමක් තිබුණෙ නැහැ. අන්තිමේදී ගත්ත ණයවලට හිලව් වෙන්න චාරුලතාට එදා නානා මුදලාලිගේ මනදොල සපුරන්න සිද්ධ වුණා.

 ඔයා හරි හොඳ කෙනෙක් මං ඔයාගේ ව්‍යාපාරය දියුණු කරගන්න උදව් කරන්නම්, හැබැයි මට ඕන හැම වෙලාවෙම ඔයාගේ ළ`ගට එන්න ඕනේ.

 එහෙම කියලා නානා මුදලාලි චාරුලතා අතේ රුපියල් දාහේ කොළ කීපයකුත් තියලා යන්න ගියා.

 එදා ඉඳල චාරුලතාට නානා මුදලාලිගෙ පහත් ආශාවත් සන්තර්පනය කරන්න සිද්ධ වුණා. ඒ හැම වෙලාවෙම එයාගෙ අතට රුපියල් හත් අට දාහක් ලැබුණා.

 ? එළිවෙනකල් නිදිමරාගෙන මහන්සිවෙලා ඇඳුම් මහලා කීයක් හරි හොයා ගන්නවට වැඩිය නානා මුදලාලි එක්ක ඉඳල නිකං සල්ලි ලැබෙන එක කොච්චර ලොකු වාසියක්ද කියල චාරුලතා හිතුවා. තමුන්ගේ ආත්මය මුදලට පාවා දෙන එක මහා පාපයක් කියල දැන් චාරුලතාට හිතෙන්නෙ නැහැ. සතියට දෙතුන් වතාව චාරුලතා නානා මුදලාලි එක්ක යනවා.

 අන්තිමේදී ඔය විදියට චාරුලතා දන්න කියන පිරිමි කීප දෙනෙක් එක්කම යන්න පටන් ගත්තා. දැන් චාරුලතා අතේ යහමින් මුදල් තියෙනවා.

 රත්නපාලයි දරුවො දෙන්නයි හිතුවෙ රෙදි මහල උපයන සල්ලි වියදම් කරනවා කියලා.

 අන්තිමේදී චාරුලතා වැල්ලවත්ත පැත්තේ ගණිකා නිවාසයක ස්ථිර සේවයට එකතු වුණා. එතන ඉඳලා චාරුලතාගේ ආදායම දෙතුන් ගුණයකින් වැඩි වුණා. දැන් රෙදි ව්‍යාපාරය පැත්තක තියලා, තමන්ගේ ශරීරකූඩුව සල්ලාලයන්ට අලෙවි කරන ව්‍යාපාරය ජයටම කරගෙන ගියා.

 ඒත් එයාට ඒ ව්‍යාපාරය වැඩි දවසක් කරන්න ලැබුණේ නැහැ. දවසක් පොලිසිය මේ ගණිකා නිවාසය වැටලූවා. චාරුලතා ඇතුළු තරුණියෝ පිරිසක් එදා පොලිසියට කොටු වුණා.

 මෙච්චර කාලයක් තමන්ටයි දරුවො දෙන්නටයි කන්න බොන්න දුන්නෙ චාරුලතා තමන්ගේ ශරීරය අලෙවි කරල කියල රත්නපාල දැනගන්නකොට හැම දේම සිද්ධ වෙලා අවසන්.

 – රණදේව

advertistmentadvertistment
advertistmentadvertistment