නාඳුනන තුවක්කුකරුගේ තවත් ඝාතනයක්!

654

ඌරගස්මංහන්දියේ කරණවෑමියකු බාබර් සාප්පුවේදීම වෙඩිතබා මරාදමයි

ඌරගහ පොලිස් බල ප්‍රදේශයට අයත් රත්තොට විල, ඌරගස්මන්හන්දිය ප්‍රදේශයේ දී පසුගිය 24 දා රාත්‍රී පුද්ගලයකු ඔහුට අයත් බාබර් සාප්පුව තුළදීම වෙඩි තබා ඝාතනය කර ඇත.

නාඳුනන පුද්ගලයන් දෙදෙනකු පැමිණ ටී. 56 වර්ගයේ තුවක්කුවකින් මෙසේ වෙඩිතබා ඝාතනය කර ඇත්තේ තොටමුණහේවගේ ධම්මික විමලවීර නමැති තිස් හැවිරිදි එක්දරු පියෙකි. පසුව වෙඩික්කරුවන් පලාගොස් ඇත.

මේ පිළිබඳ පරීක්ෂණ කටයුතු ඇල්පිටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වයි. එල්. ලීලවංශ මහතාගේ හා ඌරගස්මංහන්දිය පොලිස් ස්ථානාධිපති ප්‍ර.පො.ප. හරිත් හල්විට මහතාගේ උපදෙස් මත අපරාධ අංශාධිපති නඳුන් මෙන්ඩිස්, උ.පො.ප. ප්‍රේමරත්න ඇතුළු නිලධාරීන් පිරිසක් විසින් සිදු කරනු ලබයි.

නියාගම – විල්සන් විජේසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment