නාඳුනන පුද්ගලයන් සමඟ අත්තර්ජාල සබඳතා ප‍්‍රවේශමෙන්

429

නියෝජ්‍ය පොලිස්පතිනි රේණුකා සේනාරත්න

කිසිදු සොයාබැලීමකින් තොරව අන්තර්ජාලය හරහා නාඳුනන පුද්ගලයන් සමඟ බොහෝ තරුණියන් පේ‍්‍රම සම්බන්ධතා ඇතිකරගෙන පසුව ඔවුන්ට නිරුවත් ඡායාරූප යවා අපයෝජනයට ලක්වීමේ සිද්ධීන් වැඩි වශයෙන් වාර්තා වන බව පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය භාර නියෝජ්‍ය පොලිස්පතිනි රේණුකා සේනාරත්න මහත්මිය ‘‘දිවයින’’ට පැවසූවාය.

මෙම සිද්ධීන්වලට අදාළව පැමිණිලි වැඩි වශයෙන් මේ දිනවල ලැබෙමින් පවතින බවද ඇය කියා සිටියාය.

දිනකට එවැනි පැමිණිලි 5 ක් 6 ක් ලැබෙන බවද ඇය සඳහන් කළාය.

එබැවින් අන්තර්ජාලයේ නාඳුනන පුද්ගලයන් සමඟ සම්බන්ධයක් ඇතිකරගැනීමට පෙර අන්තර්ජාලයේ පළකර ඇති ඡායාරූපයේ සිටින පුද්ගලයා ගැන සොයා බැලීමක් සිදු කරන්නැයි නියෝජ්‍ය පොලිස්පතිවරිය තරුණියන්ගෙන් ඉල්ලා සිටියාය.

මෙහිදී තවදුරටත් කතා කළ නියෝජ්‍ය පොලිස්පතනි රේණුකා සේනාරත්න මහත්මිය මෙසේද කීය.

දැන් තරුණියන් බොහෝදෙනා අන්තර්ජාලයේ සිටින පුද්ගලයන් ගැන කිසිදු සොයාබැලීමක් කරන්නේ නැතුව යාළු වෙනවා. පස්සෙ සමහර තරුණියන් අර හඳුනාගත්තු පුද්ගලයා කියන කියන දේ කරන්න පෙලඹෙනවා. තරුණියන්ගේ නිරුවත් ඡායාරූප අර පුද්ගලයා එවන්න කිව්වාම යවනවා. සල්ලි ඉල්ලූවාම සල්ලි දෙනවා. රත්තරං බඩු ඉල්ලූවාම ඒවා දෙනවා. පස්සෙ අර පුද්ගලයා තැනකට එන්න කිව්වාම යනවා. ඒ ගිහින් තරුණියන් අමාරුවේ වැටෙනවා. දෙයක් වුණාට පස්සෙ කතා කරලා වැඩක් නැහැ.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment