නාමයෝජනා දුන් රාජ්‍ය සේවකයින්ට වැටුප් ගෙවන්නලු

273


2023 පළාත් පාලන ආයතන ඡන්ද විමසීම වෙනුවෙන් නාමයෝජනා භාරදී අපේක්ෂකත්වයේ සිටින රාජ්‍ය සේවකයින් සඳහා මාර්තු මස 09 වැනිදා සිට එම ඡන්ද විමසීම ප්‍රමාද වන කාලය තුළ අදාළ නිලධරයාගේ මූලික වැටුප පමණක් ගෙවීම සිදුසු බව තීරණය කර මැතිවරණ කොමිසම මගින් රාජ්‍ය පරිපාලන ලේකම්වරයා වෙත දැනුම්දීමක් සිදුකර ඇත.

එම නිර්දේශය සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල තීරණයක් ලබා ගැනීමට කටයුතු කරන ලෙස අදාළ ලිපියෙන් පරිපාලන ලේකම්වරයා වෙත වැඩිදුරටත් දැනුම්දී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment