නාමයෝජනා භාර ගැනීම 18 වැනිදා සිට

71

පළාත් පාලන මැතිවරණයට අදාළ නාම යෝජනා පත්‍ර භාර ගැනීම ලබන 18 වැනිදා සිට 21 වැනිදා මධ්‍යහන 12.00 දක්වා සිදු කිරීමට නියමිතය.

සියලුම දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරි කාර්යාලවලදී මෙය සිදු කිරීමට නියමිතය.

නාම යෝජනා පත්‍ර භාරදීමට තේරීම්භාර නිලධාරි කාර්යාලවලට එක් එක් දේශපාලන පක්‍ෂ හා ස්වාධීන කණ්ඩායම් ඇතුල් වීමේදී සහභාගි වන පිරිස සීමාකර ඇත. එම දින තුනේදී තේරීම් භාර නිලධාරි කාර්යාල අවට දැඩි ආරක්‍ෂාවක් යෙදවීමට සැලසුම් කර ඇතැයි මැතිවරණ කොමිසමේ ආරංචිමාර්ග පවසයි.

මේ දිනවල තරග කිරීමට අපේක්‍ෂා කරන පක්‍ෂ හා කණ්ඩායම් ඇප මුදල් තැන්පත් කිරීම සිදු කරන අතර එම කටයුතු ලබන 18 වැනිදා අවසන් වෙයි.

නාම යෝජනා පත්‍ර භාරගන්නා අවසන් දිනය වන ලබන 21 වැනිදා මධ්‍යහන 12 න් පසුව මැතිවරණය පැවැත්වෙන දිනය කොමිසම විසින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment