නාමල්ගේ නඩුව ගැන  නීතිපතිට සිහිකැඳවීමක්

262

රුපියල් මිලියන 70 ක මුදලක් අවභාවිත කිරීම යන චෝදනා යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතාට එරෙහිව සිදුකළ විමර්ශන සම්බන්ධයෙන් කඩිනමින් උපදෙස් ලබාදෙන ලෙස දන්වා නීතිපතිවරයා වෙත සිහිකැඳවීමක් යැවීමට කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (25 දා) නියෝග කළේය.

රගර් ක්‍රීඩාවේ ප්‍රවර්ධන කටයුතු සඳහා ක්‍රිස් ලංකා නමැති ඉන්දියානු සමාගමෙන් ලබාදුන් රුපියල් මිලියන 70 ක මුදලක් වෙනත් කටයුතු සඳහා යොදවාගෙන අවභාවිත කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවල උද්ධෘත නීතිපතිවරයා වෙත යවා ඇතත් මේ දක්වා උපදෙස් ලැබී නැතැයි පවසමින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කළ කරුණු දැක්වීම සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා එම නියෝගය කළේය. එම නඩුව ලබන සැප්තැම්බර් 21 වැනිදා යළි කැඳවීමට ද මහෙස්ත්‍රාත්වරයා එහිදී වැඩිදුරටත් නියෝග කළේය.

2016 වසරේදී පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් ඒ සම්බන්ධයෙන් ලැබුණ පැමිණිලි අනුව විමර්ශන ආරම්භ කොට තිබූ අතර ඉදිරිපත් කළ විමර්ශන උද්ධෘත සම්බන්ධයෙන් නීතිපති උපදෙස් ලබාදෙන ලෙසට 2017 වසරේ සිට අවස්ථා කිහිපයකදී අධිකරණය විසින් නීතිපතිවරයා වෙත සිහිකැඳවීම් යවා තිබිණි.

ඒ. ජේ. ඒ. අබේනායක
 

advertistmentadvertistment
advertistmentadvertistment