නාමල්ට පැනවූ  විදෙස් ගමන්  තහනම ඉවතට

86

කොළඹ කොටුව ක්‍රිෂ් ට්‍රාන්ස්වර්ඩ් චතුරස්‍රයේ අක්කර 4.3ක් බදු දීමේදී සිදු වී ඇතැයි කියන මුදල් අක්‍රමිකතාව සම්බන්ධයෙන් හිටපු ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව පවරා ඇති නඩුව නීතිපති උපදෙස් සඳහා ලබන වසරේ පෙබරවාරි මස පළමුවැනි දා යළි කැඳවන ලෙස කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (21දා) නියෝග කළේය.

හිටපු ක්‍රීඩා ඇමැති පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඊයේ අධිකරණයේ පෙනී සිටි අතර ඔහුගේ විදේශ ගමන් තහනම ඉවත් කරන ලෙස ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා සිදු කළ ඉල්ලීමට අවසර ලැබිණි.

රුපියල් මිලියන 70ක පමණ මූල්‍ය අක්‍රමිකතාවයක් සිදුව ඇති බවට දූෂණ විරෝධි හඬ සංවිධානය පොලිස්පතිවරයාට සිදු කළ පැමිණිල්ලකට අනුව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කර ඇති අතර එම කොට්ඨාසය පැමිණිල්ල වෙනුවෙන් ඉදිරිපත් වී අධිකරණයට කරුණු දැක්වීය.

ඒ. ජේ. ඒ. අබේනායක
 

advertistmentadvertistment
advertistmentadvertistment