නාමල්ට බදු බර මතක්වෙයි

226

ව්‍යවසායකයන්ගෙන් අසීමිතව බදු අය කිරීමෙන් එම ව්‍යවසායකයන් කඩාවැටෙන බවත් එනිසා බදු ප්‍රතිපත්තිය පිළිබඳ අවධානය යොමු කළ යුතුව ඇති බවත් හම්බන්තොට දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතා පවසයි.

සිය පක්‍ෂය වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දෙන බවත් බදු අයකර ගැනීමේ දී ජනතාවගේ පැත්තේ සිට තීන්දු තීරණ ගතයුතු බවත් හෙතෙම සඳහන් කළේය. සෑම පුරවැසියෙක්ම බදු ගෙවිය යුතුයි. එදා ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිවරයා බදු ඉවත් කරනවිට විපක්‍ෂය චෝදනා එල්ල කළා යැයි ද රාජපක්‍ෂ මහතා ආණමඩුවේදී ප්‍රකාශ කළේය.

බදු පැනවිය යුතුයි. නමුත් එම බදු ආයෝජකයන් අධෛර්යමත් නොවන පරිදි සකස්විය යුතුයි යැයි ද හෙතෙම කීවේය.

මහවැව – අමරනන්ද විජේසේකර

advertistmentadvertistment
advertistmentadvertistment