නාමල් උයන යටතේ ලෝක පාරිසරික සංවිධානයක්

261

ශ්‍රී ලංකාවේ පාරිසරික සහ සංස්කෘතික උරුමය සුරක්ෂිත කිරීම සහ ඒ සඳහා පුළුල් ජන සහභාගිත්වයකින් කටයුතු කිරීම වෙනුවෙන් ජාතික නාමල් උයන යටතේ නව ජාත්‍යන්තර පාරිසරික සංවිධානයක් ස්ථාපිත කර ඇත.

නව සංවිධානය ජාතික නාමල් උයන ඉන්ටර්නැෂනල් එකොලොජිකල් ඔර්ගනයිශේෂන් :ජාතික නාමල් උයන ජාත්‍යන්තර පාරිසරික සංවිධානය* නමින් නම් කර ඇති බව ජාතික නාමල් උයන නිර්මාතෘ සහ සංවිධානයේ සභාපති පුජ්‍ය වනවාසී රාහුල හිමියෝ පවසති.

නව සංවිධානය යටතේ යාවජීවල ක්‍රියාකාරී සහ ගෞරව වශයෙන් සාමාජිකත්ව ලක්ෂයක් පිරිනැමීමට කටයුතු යොදා ඇති අතරල මේ සඳහා පරිසර හා සංස්කෘතික උරුමය වෙනුවෙන් කටයුතු කරන පරිසර ලෝලීන්, පරිසර ක්‍රියාකාරීන් බඳවාගන්නා බව සංවිධානය නිවේදනය කරයි.

ජාතික නාමල් උයන සමග ඉතා කුළුපගව සම්බන්ධවී සිටින රටවල් රැසක පරිසර ලෝලීන්ගෙන් සමන්විත පිරිස් සම්බන්ධ කරගනිමින් ඒ ඒ රටවලට අදාළව සංවිධායක මණ්ඩලයක් පිහිටුවීමටද කටයුතු යොදා ඇති බව සභාපති හිමියෝ පවසති.

ජාතික නාමල් උයන ඉන්ටර්නැෂනල් එකොලොජිකල් ඔර්ගනයිශේෂන් ජාතික නාමල් උයන ජාත්‍යන්තර පාරිසරික සංවිධානය* හි කටයුතු ඉතා නුදුරේදීම සමාරම්භ කිරීමට කටයුතු යොදා ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment