නාමික ක්‍රීඩා සභාවක් වෙනුවට වැඩ කරන ක්‍රීඩා සභාවක් වෙන්න – ඇමැතිගෙන් ඉල්ලීමක්

175

නාමිකව උපදෙස් පමණක් ලබා දෙන ක්‍රීඩා සභාවක් වෙනුවට වඩාත් ශක්තිමත් කාර්යශූර ජාතික ක්‍රීඩා සභාවක් ලෙස අභිනව ජාතික ක්‍රීඩා සභාවට කටයුතු කළ හැකි බව ක්‍රීඩා හා තරුණ කටයුතු ඇමැති රොෂාන් රණසිංහ මහතා සඳහන් කළේය.
 
 නව ජාතික ක්‍රීඩා සභාවෙන් තමා බලාපොරොත්තු වන්නේ එම අරමුණ ඉටු කර ගැනීම බව ද ඔවුන් එම කාර්යය නිවැරදිව ඉටු කරනු ඇතැයි තම විශ්වාසය බවද ඇමැතිවරයා කීය.
 
 ජාතික ක්‍රීඩා සභාවේ සාමාජික සාමාජිකාවන් හට පත්වීමේ ලිපි ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඇමැතිවරයා ඊයේ (10 වෙනිදා) එසේ පැවසීය.
 
 එමෙන්ම ශ්‍රී ලංකාවට වඩාත් ඵලදායී ප්‍රතිඵල හා ජයග්‍රහණයන් අත්කර දීම උදෙසා ක්‍රියාකාරී බලතල සහිත ජාතික ක්‍රීඩා සභාවක් ලෙස අභිනව ජාතික ක්‍රීඩා සභාවට කටයුතු කළ හැකි බව ද ඇමැතිවරයා සඳහන් කළේය.
 
 අභිනව ජාතික ක්‍රීඩා සභාව සඳහා වෘත්තිකයන් සහ නොයෙක් ක්ෂේත්‍රයන් නියෝජනය කරමින් ශ්‍රී ලංකාවට කීර්තියක් අත් කර දුන් පිරිසක් ඇතුළත් කිරීමට හැකිවීම පිළිබඳව තමා සතුටට පත්වන බව ද ඇමැතිවරයා එහිදී පැවසීය.
 
 රටේ ක්‍රීඩාව වෙනුවෙන් ඔළුව කෙළින් තියාගෙන වැඩ කිරීමේ ඉඩප්‍රස්ථාව ඔවුන් වෙත ලබා දෙන බවද ඇමැතිවරයා එහිදී තවදුරටත් සඳහන් කළේය.
 
 නමට පමණක් සීමා වූ ජාතික ක්‍රීඩා සභාවක් වෙනුවට වැඩ කරන ජාතික ක්‍රීඩා සභාවක් රටේ ක්‍රීඩාවේ උන්නතියට හේතු පාදක වනු ඇතැයි යන්න තමාගේ විශ්වාසය බවද ඇමැතිවරයා පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment