නාය අවදානමක්: කොළඹ – මහනුවර ප‍්‍රධාන මාර්ගයේ පහළ කඩුගන්නාව ගමනාගමනය අත්හිටුවයි

278

නායයෑමේ අවදානමක් නිසා කොළඹ – මහනුවර ප‍්‍රධාන මාර්ගයේ පහළ කඩුගන්නාව ප‍්‍රදේශයේ මාර්ගය ගමනාගමන කටයුතු තාවකාලිකව නතර කර ඇතැයි කෑගල්ල දිස්ති‍්‍රක් ලේකම් මහින්ද එස්. වීරසූරිය මහතා සඳහන් කළේය.

ඒ අනුව විකල්ප මාර්ග භාවිතා කරන ලෙස ඒ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී.

පවතින අයහපත් කාලගුණ තත්ත්වය පහව ගිය පසු මෙම මාර්ගය යළි විවෘත කිරීමට නියමිතය.

ඒ අනුව මාතලේ, වත්තේගම, මැණික්හින්න දෙසින් කොළඹට ගමන්ගන්නා වාහන කටුගස්තොට, ගලගෙදර, කුරුණෑගල හරහා කොළඹට ධාවනය කරන ලෙසට මහජනතාවට දැනුම් දී සිටී. මහනුවර සිට කොළඹ දෙසට ධාවනය කරන වාහන පේරාදෙණිය, ගෙලිඔය, ගම්පොල, හෙම්මාතගම, මාවනැල්ල හරහා කොළඹට ධාවනය කළ යුතුය.

කඩුගන්නාව ඩෝසන් කුලූන අසලින් කොළඹට ගමන් ගන්නා රථ වාහන ගම්පොල, හෙම්මාතම මාවනැල්ල ඔස්සේ කොළඹ දෙසට ගමන් කරන ලෙස පොලිසිය දැනුම් දී සිටී.

සමන්තී වීරසේකර

advertistmentadvertistment
advertistmentadvertistment