නාරිගම මුහුදේ ගිලූණු රුසියානුවන් දෙදෙනා මරුට

652

හික්කඩුව, නාරිගම වෙරළ තීරයේ දිය නෑමට ගොස් දියේ ගිලීමෙන් රුසියානු ජාතිකයන් දෙදෙනකු මියගොස් ඇති බැව් හික්කඩුව පොලිසිය පවසයි.

මියගිය රුසියානු ජාතිකයන් දෙදෙනා 33 හැවිරිදි වියේ පසුවෙති. මොවුන් දෙදෙනා තම පෙම්වතියන් දෙදෙනාද සමග මීට මාසයකට පමණ ඉහතදී මෙරටට පැමිණ ඇත. ඉකුත් 30 දා රාත‍්‍රී හික්කඩුව නාරිගම වෙරළ තීරයේ දිය නාමින් සිටියදී රළ පහරකට හසුවී මොවුන් දෙදෙනා

ගසාගෙන ගොස් ඇත. පෙම්වතියන් දෙදෙනා වෙරළේ සිට ඇත.

මින් එක් අයකු බේරාගෙන ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත්කොට ඇති අතර රෝහලේ දී ඔහු මියගොස් ඇත. අනික් රුසියානු ජාතිකයාගේ මළසිරුර 31 දා නාරිගම වෙරළ තීරයට ගොඩගසා තිබී ඇති අතර රත්ගම හදිසි මරණ පරීක්ෂක බී. එම්. ඒ. සාගරිකා නිල්මිණි මහත්මියගේ නියෝගයකට අනුව මළසිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කරාපිටිය රෝහලට රැුගෙන එනු ලැබීය.

මියගිය රුසියානු ජාතිකයන් දෙදෙනාගේ පශ්චාත් මරණ පරීක්ෂණ ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දී පැවැත්වීමට නියමිතව තිබුණි.

ලලිත් චාමින්ද සහ එස්. කේ. කළුආරච්චි, හිනිදුම – රවින්ද්‍ර චන්ද්‍රලාල්
 

advertistmentadvertistment
advertistmentadvertistment