නාලක ගොඩහේවා නිදොස් කොට නිදහස්

160

තාරුණ්‍යයට හෙටක් සංවිධානය වෙත ලබාදුන් ශ්‍රී ලංකා විනිමය සුරැකුම්පත් කොමිෂන් සභාවට අයත් රුපියල් ලක්‍ෂ 50 ක මුදලක් සිලෝන් ප්‍රිමියර් ස්පොර්ට්ස් ලිමිටඩ් ආයතනයට අයත් ගිණුමකට බැර කර එකී මුදල සාවi පරිහරණය කිරීම ඇතුළු අධිචෝදනා යටතේ පවරා තිබූ නඩුවෙන් හිටපු අමාත්‍ය නාලක ගොඩහේවා මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනා නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා ඊයේ (26 දා) නියෝග කළේය.

එවකට ශ්‍රී ලංකා විනිමය සුරැකුම්පත් කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ ආචාර්ය නාලක ගොඩහේවා, එම කොමිෂන් සභාවේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කළ ධම්මික පෙරේරා සහ තාරුණ්‍යයට හෙටක් සංවිධානයේ ක්‍රීඩා අධ්‍යක්‍ෂ රොනි ඉබ්‍රාහිම් යන තිදෙනා එලෙස විත්තියේ සාක්‍ෂි කැඳවීමකින් තොරව නිදොස් කොට නිදහස් කරනු ලැබූහ.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment