නාවලපිටියේ එජාප බලය පොහොට්ටුවට

212

එක්සත් ජාතික පක්‍ෂය යටතේ පාලනය යටතේ තිබූ නාවලපිටිය නගර සභාවේ පාලන බලය ඊයේ (15 දා) දින ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සතු කර ගැනීමට එම නගර සභාව නියෝජනය කරන ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත‍්‍රීවරුන් සමත් වී ඇත.

නාවලපිටිය නගර සභාවේ සභාපතිවරයා වශයෙන් කටයුතු කළ එජාපයේ සසංක සම්පත් සංජිව මහතාව සභාපති ධුරයෙන් සහ මන්ත‍්‍රී ධුරයෙන් පසුගියදා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා විසින් විශේෂ ගැසට් පත‍්‍රයක් නිකුත් කරමින් ඉවත් කිරීමෙන් අනතුරුව එම සභාවට සභාපතිවරයකු තෝරාපත් කර ගැනීමේ නිලවරණය ඊයේ (15 දා) දින මධ්‍යම පළාත් පළාත් පාලන කොමසාරිස් මේනක හේරත් මහතාගේ ප‍්‍රධානත්වයෙන් නගර සභා රැුස්වීම් ශාලවේදී පැවැත්විණි.

නාවලපිටියේ එජාප බලය පොහොට්ටුවට


නාවලපිටිය නගර සභාවේ සමගි ජන බලවේගය නියෝජනය කරමින් මන්ත‍්‍රීවරුන් 07 ක්, ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් මන්ත‍්‍රීවරුන් 05 ක්, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් එක් මන්ත‍්‍රීවරයෙක් , ස්වාධීන එක් මන්ත‍්‍රීවරයකු සහ ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් එක් මන්ත‍්‍රීවරයෙකු ඇතුළු මන්ත‍්‍රීවරුන් 15 දෙනෙකුගෙන් සමන්විතය.

ඊයේ (15) දින එජාපය නියෝජනය කරමින් මන්ත‍්‍රීවරුන් දෙදෙනෙකු නිලවරණයට නොපැමිණි අතර, මෙතෙක් පාලන පක්ෂයට සහයෝගය දැක් වු ස්වාධීන කණ්ඩායම් මන්ත‍්‍රීවරයා සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ නාගරික මන්ත‍්‍රීවරයා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට සහයෝගය දැක් වු නිසා ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ අමල් ප‍්‍රියංකර මහතා වැඩි ඡුන්ද දෙකක් ලබා ගනිමින් සභාපතිවරයා වශයෙන් තෝරාපත් කෙරිණි. සජබට එක්වූ මන්තී‍්‍රවරුන්ට එජාප පක්‍ෂ සාමාජිකත්වය ද අහිමි විය.

නාවලපිටිය නගර සභාවේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ නව සභාපතිවරයාට සුබ පැතීම සඳහා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ මහතාද නගර සභාව වෙත පැමිණ සිටියේය.

නුවරඑළිය – නාලක රත්නායක

advertistmentadvertistment
advertistmentadvertistment