නාවලපිටියේ ගල් කොරියකට අකුණු ගසා අයෙක් මරුට: තවත් අයකුට බරපතළයි

111

* ගල් කැබලි විසි වීමෙන් බැකෝ යන්ත‍්‍රයට අලාභ හානි සිදු වී ඇති අයුරු

නාවලපිටිය ග‍්‍රින්හුඞ් ප‍්‍රදේශයේ ගල් කොරියකට 02 දින පස්වරුවේ පතිත වූ අකුණු පහරක් හේතුවෙන් එම ගල්කොරියේ සේවය කළ කම්කරුවකු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත් වී ගල්කොරියේ බැකෝ යන්ත‍්‍රයක ක‍්‍රියාකරු බරපතළ ලෙස තුවාල ලබා නාවලපිටිය දිස්ත‍්‍රික් මහ රෝහල වෙත ඇතුළත් කර ඇති බව නාවලපිටිය පොලිසිය පැවසීය.

අකුණු සැර පතිත වීමෙන් ජීවිතක්ෂයට පත් වී ඇත්තේ නාවලපිටිය බොහිල් ප‍්‍රදේශයේ පදිංචිව සිටි එම්. රොබින්සන් (19) හැවිරිදි තරුණයෙකි.

නාවලපිටිය ප‍්‍රදේශයට 02 දා දින පස්වරුවේ ඇද හැලූණු අධික වර්ෂාවත් සමග පතිත වූ අකුණු පහරක් ගල්කොරියේ ඉහළ පිහිටි ගලකට වැදී ඇති අතර, ඉන් ගල් කැබලි කිහිපයක් කැඞී විසි වී ගොස් ගල්කොරියේ පහළ සිටි මියගිය තරුණයාගේ හිස මතට වැටී ඇත. තවත් විසි වු ගලක් බැකෝ යන්ත‍්‍ර ක‍්‍රියාකරුට වැදී බැකෝ යන්ත‍්‍රකරුද තුවාල ලබා ඇත. අනතුරෙන් බැකෝ යන්ත‍්‍රයටද දැඩි අලාභ හානි සිදු වී ඇති බව සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන නාවලපිටිය පොලිසිය කියා සිටියේය.

නුවරඑළිය – නාලක රත්නායක

advertistmentadvertistment
advertistmentadvertistment