නාවලපිටියේ දොස්තරලා ඉන්ධන දන් දෙති

493

නාවලපිටිය නගරයේ පිහිටි සමුපකාර ඉන්ධන පිරවුම්හලට (16දා) දින සෞඛ්‍ය අංශ වෙත නිකුත් කෙරුණු පෙට්‍රල් ලීටර් 6600 න් තමන්ටද ඉන්ධන ප්‍රමාණයක් ලබාදෙන බලකරමින් ඉන්ධන ලබාගැනීමට දින ගණනාවක් පෝලිම් වල රැඳී සිටි පිරිස මහනුවර නාවලපිටිය ප්‍රධාන මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂණයක නිරත වූහ.

උද්ඝෝෂණයේ නිරත පිරිස නාවලපිටිය පොලිස් නිලධාරින් හමුවේ කියා සිටියේ තමන්ද දින ගණනාවක් පෝලිම් වල රැඳී සිටින බවත්, සෞඛ්‍ය අංශ වෙත පමණක් ප්‍රමුඛතාව ලබාදී ඉන්ධන ලබාදීම අසාධාරණ ක්‍රියාවක් බවයි.

එම ඉන්ධනවලින් සීමිත ප්‍රමාණයක් පෝලිම් වල රැඳී සිටි සමාන්‍ය පාරිභෝගිකයන්ට ලබාදීමට කටයුතු නොකරන්නේ නම් සෞඛ්‍ය අංශ වෙත ඉන්ධන නිකුත් කිරීමට ඉඩ ලබානොදෙන බවද උද්ඝෝෂණයේ නිරතවූ පිරිස පොලිස් නිලධාරින් හමුවේ කියා සිටියහ.

නාවලපිටිය පොලිසියේ නිලධාරින් ගැටලුව සම්බන්ධයෙන් නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය අංශ නිලධාරින් සමග සාකච්ඡා කර ඔවුන්ගේ එකඟතාව මත සෞඛ්‍ය අංශ වෙත නිකුත් කළ පෙට්‍රල් ඉන්ධන 6600 න් පෙට්‍රල් ලීටර් 1000 ක් පෝලිම් වල රැඳී සිටි පිරිසට නිකුත් කිරීමට එකඟතාව පල කිරීමත් සමග උද්ඝෝෂණය අත්හැරීමට පාරිභෝගිකයන් පියවර ගැණින.

දින ගණනාවක් පෝලිම් වල රැඳී සිටි පිරිසට නාවලපිටිය පොලිසියේ නිලධාරින්ගේ මැදිහත් වීමෙන් පෙට්‍රල් ලීටර් 1000 සීමිත ආකාරයෙන් නිකුත් කිරීමට පියවර ගැණින.

ඡායාරූප හා සටහන නුවරඑලිය නාලක රත්නායක

advertistmentadvertistment
advertistmentadvertistment