නාවලපිටියේ 13 හැවිරිදි දැරිය වැනසූ 10ක් අල්ලයි – ගල් ගුහාවකත් රඳවා තබලා

875

* අනුබල දුන් 5 දෙනකුත් දැලේ – දැරිය ළග ගෙදරක තබා අම්මා දලු කඩන්න ගිහින්ලු

වයස අවුරුදු 13 ක දැරියක ලිංගික අපයෝජනයට ලක්කළ පුද්ගලයන් දසදෙනකු හා ඊට ආධාර අනුබල දුන් පස්දෙනකු අත්අඩංගුවට ගැනීමට නාවලපිටිය පොලිසිය පරීක්‍ෂණයක් අරඹා ඇති අතර, සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් හයදෙනකු ලබන 19 දා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට නාවලපිටිය මහෙස්ත‍්‍රාත් නිලන්ත විමලරත්න මහතා නියෝග කළේය.

මෙසේ රක්‍ෂිත බන්ධනාගාරගත කෙරුණේ නාවලපිටිය, හරංගල, ඉලූක්තැන්න, වටද්දර යන ප‍්‍රදේශවල පිරිසකි.

මෙම දැරිය අද වනවිට අවුරුදු 13 යි මාස 10 ක් වයසැති බවත් ඇය අවුරුදු 6 සිට ලිංගික අපයෝජනයට ලක්ව ඇති බවට හෙළි වී ඇති බවත් නාවලපිටිය පොලිසිය කරුණු වාර්තා කර ඇත.

අවුරුදු 32 ක විවාහක පුද්ගලයකු මෙම දැරිය රැුගෙන ගොස් වටද්දර ප‍්‍රදේශයේ නිවසක හා ගල් ගුහාවක දින ගණනක් ගතකර තිබියදී ඇගේ දෙමාපියන් ඇය ඥාති නිවසක නවතා තිබේ.

මේ බව පොලිසියට වාර්තා වීමෙන් පසු දැරිය නාවලපිටිය දිස්ත‍්‍රික් මහ රෝහලට ඇතුළත් කර වෛi පරීක්‍ෂණයකට යොමුකර ඇත. අධිකරණ වෛi නිලධාරි මහානාම මහතා පොලිසිය වෙත දන්වා ඇත්තේ දැරිය විශාල පිරිසකගෙන් ¥ෂණයට ලක්ව ඇති බවයි.

ඒ අනුව සිදුකළ පරික්‍ෂාවලදී මුලින්ම දැරිය අවුරුදු 06 දී ලිංගික අපයෝජනයට ලක්ව ඇති බවත්, පසුව ඇයට පාසලේ 6, 7, 8 වසරවලදී ප‍්‍රදේශයේ කිහිපදෙනකු විසින් දිනපතාම අතවර කර ඇති බවත් හෙළිව තිබේ. ඇයට අවුරුදු 12 කාලය වන විට වැඩිහිටි පුද්ගලයන් විශාල ලෙස අතවර කර ඇති බවත් හෙළි වී ඇත.

මේ දැරියගේ පියා අධික ලෙස බීමට ඇබ්බැහි වී ඇති අයකු වන අතර දැරියගේ මව ඇය අසල නිවසක නවතා දලූ කැඞීමට යෑම සිදුකර ඇත. මුලින් අවුරුදු 06 දී ඇය අතවරයට ලක්ව ඇත්තේ එම අසල්වැසි නිවසෙනි.

පසුව මෙම දැරියගේ මව නැවත දරු ප‍්‍රසූතියකට රෝහල්ගත කර සිටියදී පියා විසින් ඇයට අතවර කර ඇති බව අනාවරණය වී තිබේ.

දැරියගේ මවගේ වයස අවුරුදු 39 ක් වන අතර පියාට වයස අවුරුදු 42 ක් බව පොලිසිය පවසයි.

මෙම දැරියට විවාහක අයකු සමඟ ගතකිරීම සඳහා අනුබල දුන් ඇගේ නැන්දා කෙනකු ද නාවලපිටිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

දැරිය මේ වනවිට නාවලපිටිය රෝහලේ ප‍්‍රතිකාර ලබයි. ගම්පොල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශ‍්‍රියන්ත පීරිස් මහතාගේ උපදෙස් මත සහකාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඕ. පී. අමරබන්දු මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඉතිරි සැකකරුවන් සොයා පරීක්ෂණ අරඹා තිබේ.

ගම්පොළ – සුරංග දිල්හාන්, සමන්තී වීරසේකර
 

advertistmentadvertistment
advertistmentadvertistment