නාවික හමුදාවෙන් ආපදා සහන

57


දිවයිනේ ප්‍රදේශ ගණනාවකට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් ආපදාවට පත් ජනතාවට සහන සැළසීම සඳහා මේ වන විට බස්නාහිර, දකුණ, උතුරු මැද, වයඹ සහ සබරගමුව පළාත් ආවරණය වන පරිදි කළුතර පරගොඩ, රත්නපුර නව නගරය, ගාල්ල උඩලමත්ත, පුත්තලම පාලවිය, වතාතවිල්ලුව හා කරඹේල කුරුණෑග, ගිරිඋල්ල සහ අනුරාධපුර රාජාංගණය යන ප්‍රදේශ වෙත නාවික හමුදා සහන කණ්ඩායම් 10ක් යොදවා ඇතැයි නාවික හමුදාව පවසයි.

ඒ අනුව පුත්තලම් දිස්ත්‍රික්කයේ කල්පිටිය කරඹේ ප්‍රදේශයේ ඇති වී තිබෙන ගං වතුර තත්වය හේතුවෙන් ආපදාවට පත්ව සිටි පුද්ගලයන් 71 දෙනකු මෙලෙස ආරක්ෂිතව මුදා ගැනීමෙන් පසු අවශ්‍ය සහන සැලසීමට නාවික හමුදා සහන කණ්ඩායම් ඊයේ 08 දින රාත්‍රියේ කටයුතු කළ බවත් ප්‍රදේශයේ සහන සැලසීමේ මෙහෙයුම් අද දිනයෙත් තවදුරටත් ක්‍රියාත්මක කරනු ලබන බවත් සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment