නාවික හමුදා බස් රථයේ ගැටුණු යතුරුපැදිය පැදවූ ගුරුවරයා මරුට

317

වවුනියාව මඩුකන්ද ජාතික පාසලේ ගුරුවරයෙකු විසින් පදවා ගෙන ගිය යතුරුපැදිය නාවික හමුදා බස් රථයක ගැටීම නිසා එම ගුරුවරයා 06දා මිය ගොස් තිබේ.

වවුනියාව ඊරට්ටපෙරියකුලම ප‍්‍රදේශයේදී මේ අනතුර සිදු වී ඇති අතර සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ 28 හැවිරිදි අනුෂ්ක අබේරත්න ලක්මාල් නැමති ගුරුවරයායි. කබඩි ක‍්‍රීඩාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක‍්‍රීඩා තරගවලට පවා සහභාගී වී ඇති මොහු විවාහ දිවියට පත් වූයේ මීට මාසයකට ඉහතදීය.

අනතුරෙන් පසුව තුවාල ලැබූ ගුරුවරයාව වවුනියාව මහ රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව ඔහු මිය ගොස් තිබේ. ඊරට්ටපෙරියකුලම පොලිසිය මෙම අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment