නාවික හමුදා සෙබළාගේ මරණය සම්බන්ධයෙන් සැක ඉන්දීය ධීවරයන් නිදහස් කරන්න ලිපි භාර දේ

1

යාපනයේ ඩෙල්ෆ්ට් දූපත ආසන්නයේ මුහුදු සීමාවේදී ඉන්දීය ධීවරයන්ගේ පහර කෑමකට ලක්ව මියගිය නාවික හමුදා සෙබළාගේ මරණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින ඉන්දීය ධීවරයන් දසදෙනාට සමාව ලබාදී ඔවුන්ව නිදහස්කොට දෙන ලෙස ධීවරයන්ගේ ඥාතීන් රාමේශ්වරන් දේශපානඥයන්ට ලිපි භාර දෙමින් (30 දා) ඉල්ලීම්කොට තිබේ.

එම ලිපිවල සඳහන් කරුණු ගැන සලකා බලා ශ්‍රී ලංකා රජයේ වගකිව යුත්තන්ට දැනුම් දී තම ඥාතීන් අත්අඩංගුවෙන් මුදාදෙන ලෙස ඔවුන්ගේ ඥාතීන් රාමේශ්වරන් දේශපාලනඥයන්ගෙන් ඉල්ලා ඇත.

ඔවුන් ලිපි භාර ගනිමින් ප්‍රකාශකොට ඇත්තේ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම පිණිස තමිල්නාඩු ප්‍රධාන අමාත්‍යවරයාගෙන් අවස්ථාවක් ඉල්ලා ඇති බවයි.

තමිල්නාඩු ප්‍රධාන අමාත්‍යවරයා හරහා මධ්‍යම රජයේ වගකිව යුතු අමාත්‍යවරුන් දැනුවත් කොට ඔවුන් ලවා ශ්‍රී ලංකා රජයේ බලධාරීන් සමග රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ සාකච්ඡාවක් පවත්වා ඉන්දීය ධීවරයන් දසදෙනා නිදහස් කර ගැනීමට උත්සහ කරන බවට ද රාමේශ්වරන් දේශපාලනඥයෝ දැනට අත්අඩංගුවේ සිටින ඉන්දීය ධීවරයන්ගේ ඥාතීන්ට පොරොන්දු වී තිබේ.

රාමේශ්වරන් දේශපාලනඥයන් වෙත භාර දෙන ලද ලිපිවල පිටපත් රාමේශ්වරන් ධීවර සංගම්වල නියෝජිතයන් වෙත ද භාර දී නාවික හමුදා සෙබළාගේ මරණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයන් දසදෙනා මල්ලාකම් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ජූලි මස 8 වැනිදා දක්වා ඔවුන්ව රිමාන්ඩ් භාරයේ තබන ලෙස මහෙස්ත්‍රාත්වරයා නියෝග කරන ලදී.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment