නාවික හමුදා හැත්තෑ එක්වන සංවත්සරයේදී ධජවලට සෙත් පතා ආශිර්වාද කරයි

111

ශ‍්‍රී ලංකා නාවික හමුදාවේ හැත්තෑ එක්වන සංවත්සරයට සමගාමීව නාවික හමුදා ධජවලට සෙත් පතා ආශිර්වාද කිරීම අනුරාධපුර ඓතිහාසික ජය ශ‍්‍රී මා බෝ සමිඳුන් අබියස දී සිදු කෙරිණි.

මෙහිදී නාවික හමුදා ධජය ඇතුළු බල ඇණි ධජයන්, ජය ශ‍්‍රී මහා බෝ සමිඳුන් අභියස තැන්පත් කිරීමෙන් අනතුරුව, මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ඣායනා කොට ආශිර්වාද කළහ. ඓතිහාසික රුවන්වැලිසෑ සමිඳුන්ට කප්රුක් පූජාවක් සිදු කරමින් තිස් වසරක් පුරා පැවති කුරිරු යුද්ධයේදී ජීවිත පූජා කළ රණවිරුවන් සිහිපත් කිරීම සහ රණවිරුවන්ට ආශිර්වාද කෙරිණි. අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමිපාණන්ගේ ප‍්‍රධාන අනුශාසකත්වයෙන් හා අටමස්ථානයේ නාහිමිවරුන්ගේ සහභාගිත්වයෙන් නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතාගේ ප‍්‍රධානත්වයෙන් මෙම ආශිර්වාද පූජාව පැවැත්විණි. නාවික හමුදාපතිවරයා ප‍්‍රථමයෙන් අටමස්ථානාධිපති නාහිමිපාණන් බැහැ දැකීමෙන් අනතුරුව ජය ශ‍්‍රී මහා බෝධිය වැඳ පුදා ධජවලට සෙත් පැතීම ආරම්භ කෙරිණි. මෙම අවස්ථාව සඳහා නාවික හමුදාපතිවරයා ඇතුළු නාවික හමුදාවේ බල ඇණි ප‍්‍රධානීන් සහ රණවිරුවන් පිරිසක් සහභාගි වී සිටියහ.

 මිහින්තලේ – රංග චතූ

advertistmentadvertistment
advertistmentadvertistment