නාසි අපරාධවලට සහය වූ ජර්මන් කාන්තාව අත්අඩංගුවට

596

දෙවැනි ලෝක යුද සමයේ ජර්මනියේ නාසි හමුදා කඳවුරක පුද්ගලයන් 11”142දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියකට උපකාර කිරීම හා සහාය වීමේ චෝදනා ලැබ සිටියදී නඩු විභාගයට පෙර පලා ගිය 96 හැවිරිදි ජර්මන් කාන්තාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ’ අර්ම්ගාඞ් ෆච්නර් නමැති මෙම කාන්තාව ඇයට එරෙහිව අධිකරණයේ පවරා ඇති නඩුව විභාග කිරීමට නියමිතව තිබූ පෙරේදා (30දා) උදෑසන ඇය සිටි ක්වික්බෝන් නගරයේ පිහිටි සාත්තු නිවාසයෙන් පලා ගොස් තිබිණි‘

 පසුව ඇයව අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණ විනිසුරුවරයා විසින් පෙරේදා දිනයේ වරෙන්තු ද නිකුත් කර තිබිණි‘ අර්ම්ගාඞ් ෆච්නර් නමැති මෙම කාන්තාව ටැක්සි රථයකින් දුම්රිය ස්ථානයට ගොස් හැම්බර්ග් නගරයට පැමිණි අවස්ථාවේදී එහි මාර්ගයක සිටියදී පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ’ 1943-45 කාලසීමාවේදී ජර්මනියේ නාසි හමුදා කඳවුරක සිටි පුද්ගලයන් 11”142දෙනෙකු මරා දැමීමට සහය වීමේ චෝදනාවට ලක්ව සිටින අර්ම්ගාඞ් එවකට 18 හැවිරිදි වියෙහි පසු වූ බව අනාවරණය වී තිබේ’ ඇයට එරෙහි නඩු විභාගය ‘ඉට්සේහෝ’ නගරයේ අධිකරණයේ පැවැත්වීමට නියමිතය’

advertistmentadvertistment
advertistmentadvertistment