නැකැත් විසි හතට අනුව සුබම සුබ වේලාවක් සාදාගන්නේ මෙහෙමයි

3912

ජ්‍යෙතිෂ ශාස්ත‍්‍රයට අනුව නැකැත් යනු කාල හෝරාවකි. එම හෝරා කාලය නැතහොත් අවස්ථාව ශුභ ද අශුභ දැයි විමසීම ”නැකැත් බැලීම” යැයි සරලව අර්ථ ගැන්විය හැකිය. අද අප සමාජයේ බොහෝදෙනා විවිධ පෞද්ගලික හා පොදු කටයුතු කරුණු කාරණා සඳහා නැකත් බලවාගෙන ආරම්භයක් ගැනීමට සැදී පැහැදී සිටිති. එය ධනාත්මක නැඹුරුවීමකි. එයින් සමාජයට යහපතක්ම සිදුවේ. මේ නැකතකට වැඩ කිරීමේ ප‍්‍රවණතාව අද කොතරම් දුරට අප සමාජය තුළට කිඳාබැස ඇත්දැයි කිවහොත්, අද සමාජයේ බොහෝ දෙනාහට ලිතක් බලා කියවා නැකතක් සොයා බලා ගැනීමට හැකියාවක් ඇත. අදාළ වර්ෂයට අයත් ජ්‍යෙතිෂය ලිතත් පරිශීලනය කිරීමෙන් තමාගේ කටයුත්තට අදාළව තමා විසින්ම නැකත් ශුද්ධ කරගෙන වැඩකටයුතු ආරම්භ කර

ගැනීමට හැකියාවක් ඇති මිනිස්සු බොහෝ වෙති. ඒ තරමට ම අද නැකැත් ශාස්ත‍්‍රය සමාජගතව ඇත. එසේ වුවද ශාස්ත‍්‍රය ඉතා ගැඹුරු බව දත යුතුයි.

මූලිකව ජ්‍යෙතිෂ ශාස්ත‍්‍රයේ නැකත් 27 ක් ඉගැන්වේ. (එසේ වුව ද අභිජිත් නැකැත සමඟ 28 කි.) සමාජයේ, ආර්ථික, ආගමික, සංස්කෘතික හා සමාජයීය වශයෙන් යම් යම් විවිධ වූ සංසිද්ධීන් ආරම්භ කිරීමට සුබ වූ,

ගැළපෙන නැකත් විවිධ වේ. නැකත්වල ගුණ හා බල ඒ ඒ කාර්යයට අනුව ගළපා ගත යුතුය. මෙම නැකත් 27 ප‍්‍රභේද ගත කළ හැකිය.

  1. කැති හා අද නැකත ශුභ මුහුර්ත සාධනයට අශුභයි. මුවසිරස නැකත ශුභ මුහුර්ත සාධනය සඳහා අස්විද බෙරණ හා සමයි. ආදී වශයෙන් නැකත් 27 ට අදාළව එක් එක් කරුණු සඳහා කුමන නැකැත ශුභ වන්නේද කුමන නැකත අශුභ වන්නේද යන්න ගැන මූලික දැනුමක් මෙසේ ලැබිය හැකිය.
  2. අස්විද නැකත – විවාහයට, ගෘහ ආරම්භයට ගෙවැදීමට, මල්වරයට සුබයි.
  3. බෙරණ නැකත – අස්විද නැකත් කාර්ය හා සමානය.
  4. කැති නැකත – සියලූ ශුභ මංගල කටයුතු සඳහා අත්හල යුතුය.
  5. රෙහෙණ නැකත – අකුරු කියෑවීමට බත් කැවීමට ප‍්‍රශස්ථ ගුණ දෙයි. ඊට අමතරව අස්විද නැකතට අදාළ කාර්යය හා සම වේ.
  6. මුවසිරස නැකත – ශුභ මුහුර්ථ සඳහා අස්විද බෙරණ නැකත් හා සමයි

06 අද නැකත – කැති නැකත හා සමානයි. අශුභයි.

  1. පුනාවස නැකත – විවාහයට හැර අන් සියලූ මංගල කරුණු සඳහා ශුභයි.
  2. පුෂ නැකත – විවාහය, ප‍්‍රිය සම්භාෂණය ආදි වූ කටයුතු සඳහා භාවිත නොකෙරේ.
  3. අස්ලස නැකත – ශුභ මුහුර්ථ සාධනයට ශුභය. එහෙත් මංගල කටයුතු සඳහා භාවිත නොකෙරේ. වගා කටයුතුවලට, නඩුහබවලින් ජය ගැනීමට සහ සතුරන් පරාජය කිරීමට යොදා ගනී.
  4. මා නැකත – විවාහය ඇතුළු සියලූ මංගල්‍ය කටයුතු සඳහා යොදා

ගනී.

  1. පුවපල් නැකත – විවාහයකට හා මල්වරයට යොදා නොගනියි.
  2. උත‍්‍රපල් නැකත – ව්‍යාපාර ආරම්භයට ඉතා ශුභයි. ගෘහ, මංගල කටයුතුවලට ශුභයි.

13.හත නැකත – සියලූම ශුභ කටයුතු සඳහා යොදා ගැනේ. ව්‍යාපාර කටයුතුවලට විශේෂ ගුණ දේ.

14.සිත නැකත – ශුභම නැකතකි. විභාග, විවිධ තරග ජය ආදියට යොදා ගනී. ව්‍යාපාර කටයුතුවලට ද ශුභයි. සියලූ ශුභ කටයුතු සඳහා යොදා ගැනේ.

  1. සා නැකත – වෛද්‍ය කටයුතුවලට, කන් විදීමට සැත්කම් ආදිය සඳහා අයෝග්‍යයි. අන් සියලූ මංගල කටයුතු සඳහා ශුභයි.

16.වීසා නැකත – අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ කටයුතුවලට ඉතා ශුභයි. සියලූ මංගල කටයුතුවලට යෝග්‍යයි.

  1. අනුර නැකත – සියලූ මංගල කටයුතු සඳහා ශුභයි.
  2. දෙට නැකත – මල්වරය හා මංගල්‍ය කටයුතු සඳහා නොගනියි. අන් කටයුතු සඳහා යොදා ගනී.
  3. මුල නැකත – කෘෂි කටයුතු සඳහා ශුභයි. සියලූ මංගල කටයුතු සඳහා ද ශුභයි.
  4. පුවසල නැකත – කලා කටයුතු ආරම්භ කිරීමට ශුභ නැකතකි.
  5. උත‍්‍රසල නැකත – සියලූ නැකත් කටයුතු සඳහා ශුභයි.
  6. සුවණ නැකත – ඉතා හොඳ නැකතකි. අධ්‍යාපන, ව්‍යාපාර, පුණ්‍ය කටයුතු වලට අදාළව ශුභයි.
  7. දෙනට නැකත – නඩු ජය ගැනීමට,

ගිවිසුම් අත්සන් කිරීමට, සටනට එළැඹීමට ශුභයි.

  1. සියාවාස නැකත – කෘෂිකාර්මික, වෛද්‍ය, ව්‍යාපාරික පැවිදි කිරීම් ආදි කටයුතුවලට යොදා ගැනේ.
  2. පුවපුටුප නැකත – ලිපි ලේඛන කටයුතු සඳහා ශුභයි. ගිණුම් කටයුතු ආදියටද ශුභයි. මංගල කටයුතු සඳහා භාවිත නොවේ.
  3. උත‍්‍රපුටුප නැකත – සියලූම මංගල කටයුතු අනෙක් කටයුතු සඳහා ද

ගැනේ.

27.රේවතී නැකත – වැඩිම ශුභ කටයුතු සංඛ්‍යාවක් සඳහා යොදා ගත හැකි නැකතකි. සියලූ මංගල කටයුතු සඳහා ඉතා ශුභයි.

කුමන, කුමන කාර්යයන් සඳහා නැකතක් යෝග්‍ය වන්නේද යන්න දළ දැනුමක් මින් පෙන්වාදී ඇත. එහෙත් නැකතක් ශුද්ධ කරවා ගැනීම සඳහා බොහෝවූ නියමයන් සිද්ධාන්තයන් පොත පතේ සඳහන් වේ. කොතරම් ප‍්‍රබල ග‍්‍රහ යෝගයක් තිබුණ ද එකී මුහුර්ථයකට යෙදී ඇති නැකත ඔබේ ජන්ම නැකත අනුව සුබ අසුබතාවයෙන් වෙනස් විය හැකිය. එම නිසා නැකත් විසිහතට අනුව ඔබ සුබ නැකත සාදා ගැනීමේදී බැලිය යුතු කාරණා රාශියක් තිබේ.

ජ්‍යොතිෂවේදී සම්පත් රුවන් කුමාර

advertistmentadvertistment
advertistmentadvertistment