නැගෙනහිර ආසියානුවන් තම ආගම වෙනස් කිරීමේ රහස

410

“ජූන්” හැදී වැඩුණේ දකුණු කොරියාවේ ක්‍රිස්තියානි ආගමික පසුබිමක් තිබුණු නිවසක ය. නමුත් සිය මව් රටේ බොහෝ දෙනකු මෙන්, ඔහුගේ ආගමික විශ්වාසයන් ද ඔහු කුඩා කල පැවති ආකාරයට වඩා දැන් බෙහෙවින් වෙනස් ය. ඔහු දැන් තමන් අඥෙයවාදියෙකු ලෙස හඳුනා ගනී.

“මම දන්නේ නැහැ එහේ මොනව ද තියෙන්නේ කියලා, දෙවියෝ ඉන්නත් පුළුවන්, එහෙම නැත්නම් දෙවියෝ කියලා කෙනෙක් ඇත්තට ම නැත්නම් – මොනවා හරි අද්භූත දෙයක්,” සෝල් සිට ඔහු දුරකථනයෙන් පැවසීය.

ජූන්ගේ දෙමාපියන් තවමත් කිතුනුවන් වන අතර ඔහු පවසන්නේ, ඔහු තවදුරටත් ඇදහිලිවන්තයකු නොවන බව ඔවුන්ට දැන ගැනීමට ලැබුණහොත් ඔවුන්ට “බලවත් දුකක්” දැනෙනු ඇති බව ය. ඔහුට ඔවුන්ගේ සිත් රිදවීමේ අවශ්‍යතාවක් නොමැති බැවින් ඔහු මෙම ලිපිය සඳහා ඔහුගේ නම වෙනුවට වෙනස් නමක් භාවිත කරන ලෙස ඉල්ලා සිටියේ ය.

ජූන්ගේ අත්දැකීම් එක්සත් ජනපදයේ බුද්ධි මණ්ඩපයක් වන Pew Research Center විසින් සිදු කරන ලද නව අධ්‍යයනයක සොයාගැනීම් සිහිපත් කරයි. එනම්, නැගෙනහිර ආසියාවේ රටවල්වල ලෝකයේ ආගම් හැර යෑම සහ වෙනස් කිරීම අතින් ඉහළම අනුපාතයන් ඇති බව ය.

එම අධ්‍යයනයේදී පුද්ගලයන් 10,000කට වැඩි පිරිසකගෙන් ඔවුන්ගේ ආගමික විශ්වාසයන් ගැන විමසන ලද අතර, බොහෝ අය කියා සිටියේ, ඔවුන් හැදී වැඩුණු ආගමට වඩා වෙනස් ආගමික අනන්‍යතාවයක් දැන් ඔවුන් දරන බව ය.

advertistmentadvertistment
advertistmentadvertistment