නැගෙනහිර චීනයේ නව උණක්

158

නැගෙනහිර චීනයේ පළාත් දෙකක පැතිර යන, සත්ත්වයන්ගෙන් මිනිසාට සම්ප්‍රේෂණය වන නව වෛරස් උණ රෝගයකට ගොදුරුවූවන් 35දෙනකු ඊයේ (11දා) වන විට හඳුනාගෙන තිබූ බව චීන විද්‍යාඥයෝ නිවේදනය කරති.

සිලින්ඩරාකාර ශරීරයක් හා කෙටි අත් /පාද ඇතුළු අවයව ඇති ක්ෂීරපායි සත්ත්ව විශේෂයක් වන ‘ශ්රුස්’ නමැති සත්ත්ව විශේෂය හරහා මිනිසාට බෝවන මෙම උණ රෝගයට ගොදුරුවූවන් 35 දෙනකු නැගෙනහිර චීනයේ ‘ශෑන්ඩොන්’ හා ‘හෙනාන්’ යන පළාත්වලින් හඳුනාගෙන ඇත. ‘ලැයිව්’ හෙවත් ‘ලැන්ග්‍යාහෙනිපා’ නමැති වෛරසය හේතුවෙන් හටගන්නා මෙම උණ රෝගයට ගොදුරු වුවන් තුළ උණ, තෙහෙට්ටුව හා කැස්ස යන රෝග ලක්ෂණ දක්නට ලැබෙන අතර මෙය මිනිසාගෙන් මිනිසාට බෝවන බවට මෙතෙක් අනාවරණය වී නැත. චීන, සිංගප්පූරු හා ඔස්‌ට්‍රේලියානු විද්‍යාඥයන් පිරිසක් විසින් මෙම වෛරස් උණ රෝගය හඳුනාගෙන තිබේ. මෙම උණ රෝගයට ගොදුරුවූවන් මෙතෙක් අසාධ්‍ය තත්ත්වයක් පෙන්නුම් කර නැති වුවද ඒ පිළිබඳව අවධානයෙන් පසු වන බව විද්‍යාඥයන් පවසා තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment