නැගෙනහිර ජැටියට දොඹකර ගැනීමේදී කෝටි 1000ක අතයට ගනුදෙනුවක්? – වෘත්තීය සමිති සැක පළ කරයි

340

වරාය අධිකාරියේ නැගෙනහිර පර්යන්තය සඳහා ග‍්‍රැන්ටි සහ ට‍්‍රාන්සර් දොඹකර 30 ක් ගැනීමේදී ඇමරිකන් ඩොලර් මිලියන 50 ක (රුපියල් කෝටි 1000 ක් පමණ) අතයට ගනුදෙනුවක් සිදුවන බවට සැකයක් මතුව ඇතැයි වරාය වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානයේ කැඳවුම්කරු නිරෝෂන් ගොරකානගේ මහතා පැවැසීය.

නැගෙනහිර පර්යන්තය සඳහා ග‍්‍රැන්ටි දොඹකර 6 ක් සහ ට‍්‍රාන්සර් දොඹකර 34 ක් ඇමරිකානු ඩොලර් මිලියන 250 කට චීන සමාගමකින් මිලදී ගැනීමට නියමිත බවද ඔහු කීය.

දොඹකර මිලදී ගැනීම සඳහා රාජ්‍ය බැංකුවක් විසින් ණයවර ලිපි නිකුත් කර ඇතත් දොඹකර මෙරටට ලැබෙන්නේ 2024 වර්ෂයේ බැවින් දැන්ම ඩොලර් මිලියන 50 ක් ලබාදීමට උත්සහ කරන්නේ කුමන අරමුණකින්ද යන්න පැහැදිලි නැතැයිද ගොරකානගේ මහතා පැවැසීය.

පවතින ආර්ථික ප‍්‍රශ්න හමුවේ රාජ්‍ය බැංකුව සතුව වරාය අධිකාරියට අයත් ඩොලර් ගිණුමෙන් මෙම මුදල මුදාහැරීමට උත්සහ කරන බවත්, මෙය ඇතැම් විට 2024 වසරට හෝ ආණ්ඩුව වෙනස් වුවහොත් ඊට පෙර ඩොලර් මිලියන 50 ක මුදල අතයට ගනුදෙනුවක් ලෙස කිසියම් කණ්ඩායමක් වෙත ලබාගැනීමක්ද යන්න සැක බවත් ඒ මහතා වැඩිදුරටත් පැවැසීය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment