නැගෙනහිර ජැටියේ දෙවන අදියරේ ඉදිකිරීම් ඇරැඹේ

209

කොළඹ වරාය නැගෙනහිර පර්යන්තයේ දෙවන අදියරේ ඉදිකිරීම් ඊයේ (12දා) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණ.

නැගෙනහිර ජැටියේ  දෙවන අදියරේ ඉදිකිරීම් ඇරැඹේ

පර්යන්තයේ වැඩ ඇරඹීම සනිටුහන් කරමින් ජනාධිපතිවරයා සහ අග‍්‍රාමාත්‍යවරයා සමරු ඵලකය නිරාවරණය කළහ.

 අදියර තුනක් යටතේ සිදු කෙරෙන පර්යන්තයේ ඉදිකිරීම් 2024 වසරේදී අවසන් කිරීමට නියමිතය. හෙක්ටයාර 75ක භූමි ප‍්‍රමාණයක විහිදී ඇති මෙහි දිග මීටර් 1,320කි. වැඩ නිම වීමෙන් පසු නෞකාවේ සිට ගොඩබිම දක්වා මෙහෙයුම් සිදුකරන දොඹකර 12ක් සහ රේල් පීලි මත දිවෙන ග‍්‍රැන්ටි දොඹකර 40ක් සමග අංගසම්පූර්ණ පර්යන්තයක් ශ‍්‍රී ලංකා වරාය අධිකාරියට හිමි වේ. මේ සඳහා වැය කිරීමට අපේක්ෂිත මුළු මුදල ඇමරිකානු ඩොලර් මිලියන 510ක් වන අතර වරාය අධිකාරිය ඇමරිකානු ඩොලර් මිලියන 200ක මුදලක් වැය කරයි.

 ඇක්සස් ඉංජිනේරු පී.එල්.සී. සහ චයිනා හාබර් ඉංජිනේරු සමාගම් එක්ව ඉදිකිරීම් සිදු කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment