නැගෙනහිර ජැටිය පිටට දුන්නොත් වෘත්තීය සමිති 34ක් නොදන්වා වෘත්තීය සටනක

117

වර්ෂයකට ඇමරිකන් ඩොලර් මිලියන 500 ක් ඉපයිය හැකි කොළඹ වරායේ නැඟෙනහිර පර්යන්තය වෙනත් රටකට හෝ වෙනත් පාර්ශ්වයකට ලබාදීමට යන බවට දැන ගන්නට ලැබෙන පළමු අවස්ථාවේ ම දැනුම්දීමකින් තොරව දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතවීමට වරායට සම්බන්ධ වෘත්තීය සමිති 34ක් පොදු එකඟතාවයට පැමිණ ඇත.

මේ වනවිට නැඟෙනහිර පර්යන්තය ජපානයට හෝ වෙනත් පාර්ශ්වයකට ලබාදීමට රජය කටයුතු කරන බවට සාකච්ඡාවක් ගෙනයන බවත් එම සාකච්ඡාවට අනුව නැඟෙනහිර පර්යන්තය වෙනත් පාර්ශ්වයකට ලබාදීමට කටයුතු කළහොත් වෘත්තීය සමිති 34 එක්ව වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතවීමට තීරණය කර ඇති බවත් සමස්ත ලංකා වරාය පොදු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් නිරෝෂන් ගොරකානගේ මහතා පැවසීය. වරාය සතුව සේවකයින් 9000කට වැඩිය සිටින බවත් ඒ මහතා කීය.

නැඟෙනහිර පර්යන්තය 2015-2019 පාලන කාලය තුළත් 2019-2022 පාලන සමය තුළත් පුද්ගලීකරණය කිරීමට උත්සාහ කළත් එම උත්සාහයක් කොන්දේසි විරහිතව පරාජය කිරීමට වෘත්තීය සමිති කටයුතු කළ බවත් ගොරකානගේ මහතා කීහ.

නැඟෙනහිර පර්යන්තය මේ වසරේ ගෙවීගිය මාස කිහිපයකට 200කට අධික මුදලක් උපයාගෙන ඇති බවත් පර්යන්තයේ දිග වැඩිකිරීම, උපකරණ, ගැඹුර වැඩිකිරීම වැනි දේවල් සිදුකරනු ලැබුවහොත් වර්ෂයකට ඇමරිකන් ඩොලර් මිලියන 500 ක් උපයා ගැනීම ඉතාම පහසු බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment