නැගෙනහිර මුහුදු තීරයට ගොඩ ගසන විදේශ අපද්‍රව්‍ය සංචාරකයන්ට බාධාවක් වෙලා

249

නැගෙනහිර පළාතේ මඩකලපුව කලූන්චිකුඩි පොලිස් වසමේ තේත්තාතිවු, කලූතාව්ලයි, කලූවන්චිකුඩි, ඔන්දාච්චිමඩම් ඇතුළු වෙරළ තීරයේ විදේශ රටවල නම් කෙටු අපද්‍රව්‍ය ගොඩ ගසන බවට ධීවරයෝ පවසති.

පාවහන්, හිස් බෝතල්, උණ බම්බු ඇතුළු විවිධ භාණ්ඩ රැල්ලේ පාවී ගොඩ ගසන බවටත් මේ නිසා පරිසරය දූෂණය වන බවත් වෙරළ නැරඹීමට පැමිණෙන පිරිසට මෙය බාධාවක් වන බව එම ප‍්‍රදේශයේ ජනතාව පවසති. මෙසේ ගොඩ ගසන ඇතැම් හිස් බෝතල්වල මියැන්මාරය යනුවෙන් ඉංග‍්‍රීසියෙන් සඳහන් කර ඇති බව දක්නට ලැබේ.

මඩකලපුව – ටී. එල්. ජව්ෆර් කාන්
 

advertistmentadvertistment
advertistmentadvertistment