නැගෙනහිර වී ගන්න චීනය උදවු වෙන්න

147

නැගෙනහිර පළාතේ ගොවීන්ගේ වී මිලදී ගැනීම සඳහා අවශ්‍ය මූල්‍ය සහාය ලබාදෙන ලෙස නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය චීන රජයෙන් ඉල්ලීමක් කර ඇත.

පසුගිය කන්නයේ සහ ඉදිරි මහ කන්නයේ වී තොග වී අලෙවි මණ්ඩලය හරහා ගොවීන්ගෙන් මිලදී ගැනීමට අදාළ මූල්‍ය ආධාර යෙදවීමටත් එමඟින් ගොවීන්ගේ අස්වනු සඳහා සාධාරණ මිලක් ගෙවීමටත්, පාරිභෝගික ජනතාවට සහනදායි මිලකට සහල් ලබාදීමටත් හැකිවනු ඇතැයි ආණ්ඩුකාරවරිය සඳහන් කරයි.

ඉදිරි මහ කන්නයේ අපේක්‍ෂිත වී අස්වැන්න මෙට්‍රික්‌ ටොන් හය ලක්‍ෂ නව දහසක් බව නැගෙනහිර පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment