නැගෙනහිර සහ වයඹ මුහුදේ ඉන්දීය ධීවරයට ගොදුරක් වන මුහුදු කූඩැල්ලා

375

අපේ සයුර තරණය කරන ධීවර ජනතාව මත්ස්‍ය අස්වැන්න නෙළාගෙන පෞරාණික පාරම්පරික ආදායම් මාර්ගය වන කරවල, උම්බලකඩ, ජාඩි වැනි නිෂ්පාදනයන්ට පණ දෙනවා විනා වෙනත් සමුද්‍ර ආදායම්වලට අත නොතැබීම මහත් අවාසනාවක් බවට පත් වී ඇත.

අපේ සයුරෙන් විදේශ විනිමය ගලා ඒමට හැකි විශේෂ ආදායම් මාර්ගයක් ලෙස “මුහුදු කූඩැල්ලා” හඳුන්වා දිය හැකිය. අපේ ධීවරයා මුහුදු කූඩැල්ලා හඳුන්වනු ලබන්නේ, “අට්ටයා” යන නාමයෙනි.

මෙයට වසර කීපයක සිට නාරා ආයතනය මගින් මෙම මුහුදු කූඩැල්ලාගෙන් ලබා ගත හැකි විදේශ විනිමය ගැන කරන විද්‍යාත්මක පරීක්ෂණවලදී මහ සයුරෙන් විශාල ආදායමක් මුහුදු කූඩැල්ලාගෙන් ලබා ගත හැකි බව ධීවර ජනතාවගේ මනස වෙත යොමු කර ඇත.
එසේ ජලජ ජීවී සම්පතක් ලෙස වගා කිරීමට ද, ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය ධීවර ජනතාව දැනුවත් කිරීම ඉතාමත් වැදගත් තීරණයක් ලෙස හඳුන්වා දිය හැක.
ලංකා මුහුදු තීරයේ දී පවත්වා ඇති සත්ත්ව ඝනත්ව සමීක්ෂණයේ දී මුහුදු කූඩැල්ලන් වර්ග විසිහතරක් හඳුනාගෙන ඇත. එම වර්ග විසිහතරෙන් විස්සක් ම ආර්ථික අතින් විශාල වටිනාකමක් ඇති බවට ද හඳුනාගෙන ඇත.
මෙම මුහුදු කූඩැල්ලන් වර්ග අතර…..

  1. ගොම අට්ටයා (Actinopyga Echinities – Deep Water Red Fish)
  2. කළු අට්ටයා (Actinopyga Miliaris – Black Fish)
  3. ගල් අට්ටයා (Actinopyga Mauritinea – Surf Red Fish)
  4. කොටි අට්ටයා (Holothuria Isuga – Tiger Fish)
  5. දුඹුරු නූල් අට්ටයා (Bhadschia Vitiensis – Brown Fish)
  6. සුදු නූල් අට්ටයා (Bohadschia Maramorata – Brown Fish)
  7. කිරි නූල් අට්ටයා (Bohadschia Maramorata – Brown Fish)
  8. නරි අට්ටයා (Holothuria Atra – Lolly Fish)
  9. රතු අට්ටයා (Holothuria Edulis – Pink Fish)
  10. ප්‍රීමා අට්ටයා (Holothuria Fuscogilva – White Teat Fish)
  11. පොළඟා අට්ටයා (Holothuria Nobilis – Black Teat Fish)
  12. ජැෆ්නා අට්ටයා (Holothuria Scabra Sand Fish)
  13. ඩිස්කෝ අට්ටයා (Holothuria Spinipera – Brown Sand Fish)
  14. ප්‍රීමා බතික් අට්ටයා (Holothuria Pentad – Flower Teat Fish)
  15. දඹලයා අට්ටයා (Stichopus Chloronotus – Green Fish)
  16. සනි අට්ටයා (Stichopus Herrimanni – Curry Fish)
  17. අන්නාසි අට්ටයා (Thelenota Ananas – Prickly Ted Fish)
  18. පූනා අට්ටයා (Thelenota Anax – Amber Fish)
  19. ඌරු අට්ටයා (Acaaudina Molophadi – Odes Fish)
    නමින් හඳුනාගෙන ඇත.
    මෙමගින් දඹලයා අට්ටයා, ජැෆ්නා අට්ටයා විශාල ආදායම් මාර්ගයක් ගෙන දෙන මුහුදු කූඩැල්ලන් ලෙස හඳුනාගෙන ඇති අතර, එමගින් විශාල විදේශ විනිමයක් රට තුළට ගෙන්වා ගැනීමට අදහස් කර ඇත.

    විශේෂයෙන් නැගෙනහිර වෙරළ කලාපයේත්, වයඹ දිග මුහුදු තීරයේත් මුහුදු කූඩැල්ලන්ගේ ව්‍යාප්තිය දක්නට ඇති අතර ධීවරයන් විසින් එහි අස්වැන්න නෙළා ගැනීමද නිරන්තරයෙන් සිදුවේ. නමුත් උතුරු හා ඊසාන වෙරළේත් මෙම සම්පත ව්‍යාප්ත වී තිබුණත් එහි ආදායම නෙළා ගැනීම කෙරෙහි අපේ ධීවරයන්ගේ අවධානය යොමු වී නැත. එනිසාම ඉන්දීය ධීවරයා මුහුදු තීරයේ මුහුදු කූඩැල්ලන් කොල්ලකමින් සිටිති.

    මුහුදු කූඩැල්ලන්ගෙන් ලැබිය හැකි ආදායම් මාර්ගය ඉතා විශාල වුවත්, ඒවා නෙළා ගැනීමට ඇති දුෂ්කරතාවය ගැන ද ධීවර කාර්මිකයාට අවබෝධයක් නැති නිසා බොහෝ දෙනෙක් එයට යොමු වීම නතර කර ඇත. මුහුදු කූඩැල්ලන් ගැඹුරු සයුරේ කිමිදෙමින් ආරක්ෂක කිමිදුම් උපකරණ යොදාගෙන අතින් කඩා ගැනීමට සිදු වීම නිසා ධීවරයා එම කර්මාන්තයෙන් ඉවත් වී ඇති බව ප්‍රකාශ වේ. කෙසේ වෙතත් මුහුදු කූඩැල්ලාගෙන් ලැබෙන විදේශ විනිමය අප රටට ඇද ගැනීම සඳහා ධීවර කර්මාන්තකරුවන් දිරිමත් කිරීම සහ දැනුවත් කිරීම නාරා ආයතනය සහ ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශයේ සහ රජයේ වගකිවයුතු ඇමැතිවරුන්ගේද අවධානය යොමු වී ඇත.

    සමුද්‍රීය පරිසර අධිකාරියේ සහ නාරා ආයතනයේ අනුග්‍රහයෙන් සකස් කළේ,
    ලුණුගම්වෙහෙර – තලල්ලේ
    ප්‍රඥාරත්න විදානගමාච්චි
advertistmentadvertistment
advertistmentadvertistment