නැගෙනහිර සෑම රාජ්‍ය ආයතනයකම ගෙවත්තක්

318

නැගෙනහිර පළාත් සභාවට අයත් සෑම රාජ්‍ය ආයතනයකම ‘ගෙවත්තක්’ සැකසීමට පියවර ගන්නා ලෙස පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය නිලධාරීන්ට නියෝග කර ඇත.

පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශය මැදිහත්වීමෙන් එය සම්බන්ධීකරණය සිදු කරන ලෙස ද ආණ්ඩුකාරවරිය පළාත් කෘෂිකර්ම ලේකම් අයි. කේ. ජී. මුතුබණ්ඩා මහතාට උපදෙස් දී තිබේ.

ඉදිරියේදී ඇතිවිය හැකි ආහාර අර්බුදයට මුහුණ දීම සඳහා කෘෂිකර්ම උපදේශකවරුන් ඉතා කඩිනමින් ගොවීන් දැනුවත් කර ‘වගා සංග්‍රාමයක්’ ඇති කළ යුතු බවද නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය වැඩිදුරටත් උපදෙස් ලබාදී ඇත.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment