නැදුන්ගමුවේ රාජා නුවර පෙරහැරට යන ගමන්…!

997

‘නැදුන්ගමුවේ රාජා’ යනු උතුම් දළදා කරඬුව වඩමවාලන්නට තරම් භාග්‍යයත් වාසනාවත් ලද ඇත් රජෙකි. වයස අවුරුදු 65 ඉක්මවා සිටිය ද, රාජා මෙවරත් දළදා පෙරහරට තම දායකත්වය ලබාදීමේ අරමුණෙන් මේ වන විටත් පාගමනින්ම සෙංකඩගල දළදා මාළිගය බලා ගමන් කරමින් සිටියි. ඒ තම සම වයසේ ඇත් ගොව්වා වන කළු අයියා සමගය. වෙනදා දින 5කින් ගම්පහ නැදුන්ගමුවේ සිට මහනුවරට ළඟා වන රාජාට සිය හාම්පුතා වන නැදුන්ගමුවේ වෙදරාළහාමි විසින් මෙවර දින 10 ක් ලබාදී ඇත්තේ පෙරදා තරම් රාජාටත්, කළු අයියාටත් වාරු නැති නිසාය. මෙවර තම සුපුරුදු ගමන් මග වෙනස් කර අතුරු මාර්ග ඔස්සේ වරකාපොල ඒ – 1 මාර්ගයට පිවිසුණු රාජා ‘දිවයින’ කැමරාවේ සටහන් වූයේ මෙලෙසය.

 සටහන/ ඡුායාරූප – ජගත් කණහැරආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment