නැනෝ නයිට‍්‍රජන් දියර පොහොර ලීටර් ලක්‍ෂයක් එයි

179

මෙවර මහ කන්නය සඳහා භාවිතා කිරීමට ඉන්දියාවෙන් ආනයනය කළ නැනෝ නයිට‍්‍රජන් දියර පොහොර ලීටර් ලක්ෂයක් ඊයේ (20 දා) අලූයම මෙරටට ගෙනඑන ලදී.

ශ‍්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් භාණ්ඩ ප‍්‍රවාහන යානයකින් ඊයේ අලූයම ඉන්දියාවේ හයිද්‍රාබාද් ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සිට මෙම නයිට‍්‍රජන් දියර පොහොර දිවයිනට රැුගෙන ආ බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරයි.

මෙවර මහ කන්නය සඳහා භාවිතා කිරීමට අපේක්ෂා කරන නැනෝ නයිට‍්‍රජන් දියර පොහොර ලීටර් ලක්ෂ 31 න් පළමු තොගය ලෙස මෙම පොහොර තොගය රැුගෙනවිත් තිබේ.

මෙම නැනෝ නයිට‍්‍රජන් දියර පොහොර ලීටර් ලක්ෂය අම්පාර, මඩකලපුව, ත‍්‍රිකුණාමලය සහ නැෙ`ගනහිර පළාතේ ද්‍රිස්ත‍්‍රික්කවල ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා ගොවි ජනතාව වෙත අද (21 දා) සිට ලබාදීමට පියවර ගන්නා බව ද කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරයි.

මෙම දියර පොහොර තොගය භාරගැනීමට වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන සහ කෘෂිකර්ම රාජ්‍ය ඇමැති ශෂීන්ද්‍ර රාජපක්ෂ යන මහත්වරු සහභාගි වූහ.

ඉදිරි දින කීපයේ තවත් නැනෝ නයිට‍්‍රජන් දියර පොහොර ලීටර් ලක්ෂ 5 ක් ගෙන්වීමට පියවර ගෙන ඇති බව ද කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරයි.

අරුණ බෝගහවත්ත,  ගුවන්තොටුපළ – ටී. කේ. ජී. කපිල
 

advertistmentadvertistment
advertistmentadvertistment