නැනෝ පොහොර ලීටර් ලක්ෂ 30ක් ආනයනය කළත් සත පහක වැඩක් වෙලා නෑ

77

ඇමැති අමරවීර කියයි

නැනෝ පොහොර ලීටර් ලක්ෂ 30ක් 2021 දී මෙරටට ආනයනය කර ඇතත් ඉන් කිසිදු ප්‍රයෝජනයක් අත් වී නැතැයි කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා පවසයි.

ඒ බැවින් 2021 මහ කන්නයේ වී වගාවට නැනෝ දියර පොහොර ආනයනය නිසා යම් දූෂණයක් සිදුවී ඇත්ද යන්න සොයා බැලීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය මත උසස් නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශයට තමා උපදෙස් දුන් බව ද ඔහු කීවේය.

චීන කාබනික පොහොර නැවට මුදල් ගෙවීම හා නැනෝ පොහොර ආනයනය කිරීම යන කරුණු දෙකම රටේ කෘෂිකර්මාන්තයට කිසිදු ප්‍රයෝජනයක් අත් නොවූ පියවරයන් දෙකක් බැවින් මෙම කමිටුව පත් කිරීමට ප්‍රධාන හේතු වූ බව ද ඇමැතිවරයා පැවසීය.

චීන කාබනික පොහොර නැවට ඩොලර් මිලියන 06.09ක මුදලක් ගෙවීම මෙන්ම නැනෝ දියර පොහොර යනුවෙන් මෙරටට ආනයනය කරන ලද පොහොර නිසා රටේ කෘෂිකර්මාන්තයට කිසිදු ප්‍රයෝජනයක් අත් වී නැතැයි ද ඇමැතිවරයා අවධාරණය කළේය.

ඊයේ (25දා) කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඇමැතිවරයා මේ බව පැවසීය.
උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment