නැමීබියාව පරාදයි..ශ්‍රී ලංකාව සුපිරි කණ්ඩායම් අතරට

396


විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද පැවැති එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ නැමීබියාව අතර පළමු වටයේ තරගයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යය නැමීබියාව ලකුණු 07කින් පරාජයට පත් කළේය.එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම සිය පන්දු වාර 20 තුළ කඩුලු 03ක් දැවී ලකුණු 148ක් ලබා ගත්තේය.නැමීබියා කණ්ඩායමට සිය පන්දුවාර 20 තුළ ලබාගත හැකි වූයේ කඩුලු 08ක් දැවී ලකුණු 141කි.මෙම තරගයේ ප්‍රථිඵලය අනුව ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය යන කණ්ඩායම් දෙක සුපිරි කණ්ඩායම් 12 අතරට එක් වූහ.ඒ අනුව ශ්‍රී ලංකාව ඔස්ටේ්‍රලියාව,එංගලන්තය,නවසීලන්තය,ඇෆ්ගනිස්ථානය සහ බී කාණ්ඩයේ අනුශූරයින් සමග සුපිරි වටයේදී තරග වඳිනු ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment